(නාලක සංජීව දහනායක)
රජය සතු ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සමාගම්වල සේවක මණ්ඩල සඳහා මෙම වසර සඳහා ප‍්‍රසාද දීමනා ලබාදීම මහා භාණ්ඩාගාරය විසින් අනුමත කර තිබේ.
එයට අදාළ චක‍්‍රලේකය මහා භාණ්ඩාගාරය විසින් සියලූම අමාත්‍යංශ ලේකම්වරු, රාජ්‍ය සමාගම්වල ප‍්‍රධානීන් සහ රජයේ සියලූ ව්‍යවස්තාපිත ආයතනවල සභාපතිවරුන් වෙත මේ වනවිට නිකුත් කර ඇත.
ඒ අනුව පසුගිය වසරේ ගිණුම් මූල්‍ය වාර්තා පදනම් කරගෙන ඒ අකාරයටම සියලූ කාර්ය මණ්ඩල වෙත මෙම වසරේදිත් ප‍්‍රසාද දීමනා ගෙවන ලෙසට මහා භාණ්ඩාගාරය උපදෙස් දී තිබේ.
ආයතනවලට අධ්‍යක්‍ෂ මණ්ඩල පත්කර නොමැති අවස්තාවකදී වුවද, රාජ්‍ය ආයතන වෙතින් ගෙවිය යුතු සියලූ ව්‍යවස්ථාපිත ගෙවීම් සිදුකිරීමට යටත්ව මෙම වසරේ ප‍්‍රසාද දීමනා ගෙවීමට අවසරය හිමිවන බවද මුදල්, ආර්ථික සහ ප‍්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතුවට පෙර පින් මං ගෙන ඇවිදින්.. නුඹලට හොඳ කලක් ගෙවීයන්..
දැනට ඔයාලා ගන්න පස්සේ අපි දෙගුණ කරලා ආපහු ගන්නම්.
මේ අය අයිස් ගහනවා බෝනසුත් ගන්නවා. පෞද්ගලික අංශෙ අපි මැරිලා වැඩ මුකුත් නැහැ. ලංකාවට අබ සරණයි
සංජීවගේ කතාව හරි, ඊට අමතරව මහා මැතිවරණයකුත් ළඟ එනවානේ ඉතින් 3/2ක් ගන්න අපේ බුද්ධිමත් ජනතාවගෙන් සුළු කොටසක් හරි රවට්ටන්න ක්රමෝපායන් කොහොම කොහොම හරි හොයාගන්නත් ඕනානෙ.
පාඩු ලැබුවත් ප‍්‍රසාද දීමනා දෙන එක ලෝකේ කොහෙවත් නැති එකක්.
හොරාත් කනවා... බෝනස් ගන්නවා. වැඩ කරන්නෙත් නැහැ. මෙහෙම රටක් ගෙනියන්න පුළුවන්ද?
ප‍්‍රසාද දීමනා දෙන්නේ ලාභලබන ආයතනවලින් විතරක් වෙන්න එපැයි... පාඩු නම් කොහොමද බෝනස් දෙන්නේ..?