
(යොහාන් භාසුර සහ අංජුල මහීකවීරරත්න)
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය මූලික කරගනිමින් පැවැත්වීමට තීරණය කර ඇති අතර ඒ පිළිබඳව මූලික සාකච්ඡාව මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (14) පැවැත්විණි.
රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භක උලෙළ මාතලේ ධර්මරාජ පිරිවෙන් පරිශ්‍රයේදී දී පැවැත්වෙන අතර එහි සමාප්ති උලෙළ මාතලේ අනුරුද්ධ අරණේදී පැවැත්වීමට මෙහිදී තීරණය කෙරිණි.
ඒ අනුව මැයි මස 21 වනදා සිට මැයි මස 27 දින දක්වා විවිධ ආගමික සංස්කෘතික වැඩසටහන් පැවැත්වෙන අතර, මැයි 21 වන දින රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමී සංස්කෘතික වැඩසටහන්, මැයි 22 වන දින පරිසර සංරක්ෂණ හා යහපත් සෞඛ්‍ය පුරුදු වැඩසටහන්,මැයි 23 වන දින සීල භාවනා පින්කම ( වෙසක් පොහෝ දින වැඩසටහන) ,මැයි 24 වන දින සාරධර්ම ප්‍රවර්ධන වැඩසටහන්, මැයි 25 වන දින සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා සම්බුද්ධ දේශනා අනුව පවත්වන වැඩසටහන්, මැයි 26 වන දින අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් සහ මැයි 27 වන දින භික්ෂු හා සිල් මාතා පුහුණු වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 හි විහාරස්ථාන 11ක් සංවර්ධනය කිරීම, වෙසක් බැති ගී පහන් කූඩු ,වෙසක් තොරණ ,පාරිසරික හා සංස්කෘතික අංගයන් හා පිණ්ඩපාත වැඩසටහන් ලේ දන්දීමේ වැඩසටහන් ආදී විශේෂ වැඩසටහන්, සර්ව ආගමික අංග ඇතුළත් පෙරහර ආදී වැඩසටහන් රැසක් ද පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්දැලාට පන්සලේ දේවල් අස්සට තමයි අර "සර්වාගමික" ආගම රිංගවන්නේ.. ඔය කියන "රාජ්‍ය වෙසක් උත්සවය" වනාහි මේ රටේ බෞද්ධයා සහ සංඝයා ගොනාට ඇන්දවීමක්... ගොනාට ඇඳගන්න බලාගෙන ඉන්න අයටනම් හරිම සතුටු ඇති.. සරලවම කිව්වොත් මේක දේශපාලන කැලැන්ඩරයේම එකක් විතරයි.. ආගමක් ධර්මයක් නොදන්න අමන පාලකයෝ කරන වෙසක්.. මේ රටේ සිංහලයෝ තරම් ගොං වෙස් ගත්ත ජාතියක් කොහෙවත් නෑ.. එයිනුත් සිංහල බෞද්ධ කියන්නේ මෝඩකමේ මුදුනේ ඉන්නේ.. රැවටෙන්න කියාපු දේවල්.. එක උදාහරණයක් කියන්නම්.. පෝයට බාර් වහන්නේ නෑ කියලා රජය තීරණය කළොත් මොකක් වෙයිද? එහෙනම් රටේ තියෙන ප්‍රශ්න ඔක්කෝම යට ගිහින් මාස ගාණක් උද්ඝෝෂණ, උපවාස, විරොධතා අරව මෙව්වා කෝටියක් තියෙයි.. හැබැයි පාලකයින් කවදාවත් පෝයට බාර් අරින්නේ නෑ.. ඇයි? බෞද්ධකමට, සංස්කෘතියට එච්චර ලැදියාවද? නෑ.. පාලකයෝයි, බාර් කාරයෝයි දන්නවා, වහන්නකලින් දවසේ වෙනදාට වඩා හොඳ අලෙවියක් වෙන බව... පහුවදා වැහුවාට පාඩු නෑ.. පොඩි රෙස්ට් එකක් දාගෙන ඉන්නයි තියෙන්නේ.. ඉතිං අර මම කලින් කිව්ව මිනිස්සු සිල්ලර මෝඩයෝ නෙවෙයි ද..? මේ රට මෙහෙම් ඉතුරුවෙලා තියෙන එකත් ඇති බොලං..මේක වැරැදියි කියලා "ඩිස්ලයික්" වැටෙයි.. කමක් නෑ.. ඒත් ඇස්දෙක වහගෙන..
හිතපල්ලා.. අපි කවද්ද මේ දේවලින් මිදෙන්නේ කියලා..? පාලකයෝ කපටිමත් නෙවෙයි.. අපි හෙන මෝඩයි බොලව්.. ඒකයි වැඩේ..