(ඩයනා උදයංගනී සහ නාලක සංජීව දහනායක)
රජයේ ඉඩම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බව සභානායක, ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (20) ප්‍රකාශ කළේය.
රජයේ ඉඩම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ 53 වන යෝජනාව ලෙස ඇතුළත් කර තිබිණ.
ඉඩම් ඔප්පු නොමැති ලක්ෂ විසිපහක ජන පිරිසක් වෙනුවෙන් සින්නක්කර ඔප්පු ලබාදීමේ අපේක්ෂාවෙන් රජය විසින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කළ බවත්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ වෙනුවෙන් උසාවි යාම හේතුවෙන් නෛතික ප්‍රශ්න පැනනැගී ඇති බවත් සභානායකවරයා සඳහන් කළේය.
එබැවින් රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
මෙහිදි අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා හා විමල් වීරවංශ මහතා සඳහන් කළේ සාමාන්‍ය ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම වෙනුවෙන් විපක්ෂය විරුද්ධ නොවූ බවත් මෙරට ඉඩම්වල සින්නක්ර අයිතිය විදේශිකයින්ට හිමිවීමට විපක්ෂය විරුද්ධ වූ බවත්ය
2025 නොවැම්බර් මස 17
45
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
879
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
රජයේ විශේෂ ඉඩම් විධිවිධාන පනත ඉල්ලා අස්කරගනී