
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
හිටපු විශ්‍රම වැටුප් අධ්‍යක්ෂක ජනරාල් , විශ්‍රාමිකයින්ගේ අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ඇතුළු රජයේ විශ්‍රාමිකයින් 95 දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම ලබන ජනවාරි මස 21 විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (10) දින නියම කළේය.
සියලුම රජයේ විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කරනතුරු තමන්ට ප්‍රදානය කළ විශ්‍රාම වැටුප් දීමනාව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය මඟින් තම අයිතිවාසිකම් කඩ වී ඇති බව සඳහන් කරමින් , එම තීරණය අඩංගු චක්‍රලේඛය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබිණි.
එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් අධිකරණය පෙත්සමෙහි වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලදී.
අභියාචනාධිකරණ විනිසුරු එම්. ටී.ලෆාර් තාහිර් මහතා ඉදිරියේ මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී මෙලෙස නොතීසි නිකුත් කරන ලදී.
පන්නිපිටිය පදිංචි සරත් ලාල් පෙරේරා , හිටපු විශ්‍රම වැටුප් අධ්‍යක්ෂක ජනරාල කේ.ඒ.තිලකරත්න මහතා විශ්‍රාමිකයින්ගේ අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු මහින්ද ජයසිංහ මහතා ඇතුළු විශ්‍රාමිකයින් 95 දෙනෙකු ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂවරයා, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ඇතුළු විසි දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
නීතීඥ සුනිල් වටගල මහතා මඟින් ගොනු කළ පෙත්සමේ මෙසේද සඳහන් වේ.
පෙත්සම්කරුවෝ සියලු දෙනාම රජයේ විශ්‍රාම වැටපු ලබන විශ්‍රාමික රජයේ සේවකයෝ වෙති.2016 ජනවාරි 01 වැනිදා සිට 2019 දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ විශ්‍රාම ලැබූ පෙත්සම්කරුවන් ඇතුළු සියලුම විශ්‍රාමිකයින්ට නව දීමනාවක් විශ්‍රාම වැටුපට එකතු කරන බවත් පෙත්සම්කරුවන්ට දැන ගන්නට ලැබිණි.එය මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට විශ්‍රාම වැටපුට එක් කරන බවත් එවකට පැවති රජය ප්‍රකාශ කළේය.
නමුත් පෙත්සම්කරුවන් ඉමහත් පුදුමයට පත් කරමින් 2020 ජනාරි 02 වැනිදා ගත් අමාත්‍ය මණ්ඩල තීරණය අනුව සියලුම විශ්‍රාමිකයින් ගේ වැටුප් වර්ධක අත්හිටුවන බවට 35 /2019 (1) චක්‍රලේඛය අනුව දැනුම් දුන්නේය.
මෙම නව චක්‍රලේඛය මඟින් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වන බවත් , එය අසාධාරණ සහ අයුක්තිසහගත බවත්ය.
එබැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , අදාළ චක්‍රලේඛය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් , තමන්ගේ අත්හිටවූ විශ්‍රාම වැටුප් වර්ධක සහිත දීමනා ලබා දීමට නියෝග කරන ලෙස පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති.
විශ්‍රාමිකයින් සඳහා වැඩි කරන ලද විශ්‍රාම වැටුප වහාම ගෙවන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්‍රාම වැටුප් ගැටලු අනන්ත තියෙනවා. මම එකක් කියන්නම් මගේ බිරිඳ හා එකම ආයතනයක සේවය කළ ඇගේ යෙහෙළියක් එකම වැටුප් ලබා එක මාසයේ දින 05ක් ඇතුළත විශ්‍රාම ලැබුවා 2019 විශ්‍රාම වැටුප් සංශෝධනය කිරීමට පෙර සමාන වැටුප් ගත් දෙදෙනාගෙන් මගේ බිරිඳට වඩා යෙහෙළියට රුපියල් 6000කට වැඩි මාසික වැටුපක් ලැබෙනවා. මෙයට පෙර විශ්‍රාම වැටුප් සංශෝධනය කලේ අතින් වුණත් මෙවර පරිගණක මගින් කළ නිසා මෙහෙම වුණා කියලයි මම හිතන්නේ... වැඩිපුර විශ්‍රාම වැටුප් ලබන කෙනාට සංශෝධනය කළ පත්‍රිකාවක් දීලා නැහැ... මෙහෙම සිද්ධි තව අනන්තවත් ඇති...
තුනෙන් දෙක අරන් කරපු දේවල් තමා