(සුජිත් හේවාජුලිගේ )
රජයේ වියදම් තවදුරටත් පාලනය කිරීමට උපදෙස් ලබාදෙමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ රජයේ ආයතන ප්‍රධානීන්ට විශේෂ චක්‍රලේඛයක් අද (26) යොමු කළේය.
මේ අනුව ආරම්භ කිරීමට නියමිත සියලුම ව්‍යාපෘති තාවකාලිකව අත්හිට විය යුතුවේ.
එසේම මෙතෙක් පත්වීම් කර නොමැති තනතුරු සඳහා බඳවා ගැනීම් කල් තැබීම, රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම් යටතේ මාණ්ඩලික නිලධාරීන් වෙත ලබා දෙනු ලබන ණය පහසුකම් මේ වසර අවසන් වන තෙක් අත්හිටුවීම, සියලුම සුභසාධන හා සහනාධාර වැඩසටහන් අත්‍යවශ්‍යයෙන්ම ලැබිය යුතු අඩු ආදායම්ලාභීන්ට හෝ අත්‍යවශ්‍ය ප්‍රතිලාභීන්ට පමණක් සීමා කිරීම, නිල වාහන භාවිතයේදී එක් වාහනයක් පමණක් නිශ්චිත ඉන්ධන සීමාව තුළ භාවිතා කිරීමට වගබලා ගැනීම, භාණ්ඩ මිලදී ගැනීම් කල් තැබීමට කටයුතු කිරීම රාජායතන අතර සන්නිවේදන කටයුතු සඳහා හැකිතාක් විද්‍යුත් ක්‍රමවේද භාවිතා කිරීම, ලිපි ද්‍රව්‍ය භාවිතය හා මුද්‍රණ කටයුතු සඳහා වන පිරිවැය අවම කර ගැනීම , සත්‍ය වශයෙන්ම සේවයේ නිරතවී සිටින බව තහවුරු කරගැනීමෙන් තොරව සිදුකරනු සිදුකරනු ලබන සියලුම අතිකාල දීමනා ගෙවීම අත්හිටුවීම, විවිධ අයුරින් ලබා ගන්නා අතිකාල දීමනා වන්හි එකතුව වැටුප ඉක්මවා නොයන පරිදි කටයුතු කළ හැකි ක්‍රමවේදයක් සකස් කිරීම සඳහාද කටයුතු කළ යුතු බව එම චක්‍රලේඛයේ සඳහන් වෙයි.
තවද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ නොමැති කිසිදු දීමනාවක් සුබසාධන වැඩසටහන් සංවර්ධන සහායන් හෝ සහනාධාර ලබාදීම නතර කිරීම කළ යුතු බවද එහි දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිල නිවාස දෙකක්, සේවක හා ආරක්ෂක නිලධාරි කප්පරක් නිල වාහන ගණනාවක් යනාදී මෙකී නොකී විශාල රජයේ මුදල් ප්‍රමාණයක් සහිත අගමැතිගේත් වියදම් අඩු කිරීමෙන් ආදර්ශයක් දීමට තවමත් පසුබට වන්නේ ඇයි?
දේශපාලුවන්ගේ වරප්‍රසාද නොකපන්නේ ඇයි?
ඉතාම අගය කරයුතු තීරණයක්
චක්‍රලේඛණ ගැහුවට වැඩක් නෑ. ගහන එවුන් තමයි මහජන මුදල්. කාබාසිනියා කරන්නේ. කපුටා ඇතුළු ගසා කන්නන් එළවා දැමිය යුතුයි.
ඔවා දෙනු පර හට තමා සම්මතයේ පිහිට සිට
අපට මුදල් පාලනය සකසුරුවම... අරයලා කෝටි ගණන් ගිලිනවා. එක රටක් නීති දෙකක්.
පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද, ආයතන ප්‍රධානී වරප්‍රසාද සහ රජයේ සියලු තනතුරුවල අයට දෙන වරප්‍රසාද කපන්න. මන්ත්‍රී කෙනෙකුට සේවකයින් 6 දෙනෙක් (ඩ්‍රයිවර්ලා දෙදෙනෙක් ඇතුළු) මොනවාටද? ඉස්සර ඔහොම තිබුනේ නෑ. ඉස්සර අගමැති වෙලා හිටිය දහනායක මහත්තයත් ගාල්ලේ ඉඳන් ආවේ ගියේ බස් එකේ. බලපත්‍ර නොදී අවශ්‍ය නම් බැංකු ණය ක්‍රමයක් යටතේ බදුසහන නැතුව වාහන ලබාදෙන්න.