(අංජුල මහික වීරරත්න)

2023 ජනවාරි මස රාජ්‍ය ආදායම මාසික වියදම් ඇස්තමේන්තුවලට වඩා බෙහෙවින් අඩු වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නේය.

වැටුප්, විශ්‍රාම වැටුප්, සුබසාධන, ඖෂධ සහ ණය සේවා සඳහා ගෙවීම් හැර අනෙකුත් සියලුම වත්මන් වියදම් පියවා ගැනීම මහා භාණ්ඩාගාරයට අභියෝගයක් වී ඇති බවත් රජයේ වියදම් කපා හැරීමට උපදෙස් දුන් බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.