(රංජන් කස්තුරි)
වැටුප් විෂමතා ඉවත් කරන ලෙස බලකරමින් රජයේ විධායක නිලධාරීහු ලබන 18 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර සිටිති.
නීති නිලධාරීන්ට පමණක් වැටුප් හා දීමනා ඉහළ නැංවීම මගින් අනෙකුත් සමාන්තර ශ්‍රේණිවල විධායක නිලධාරීන්ට අසාධාරණයක් හා වැටුප් විෂමතාවයක් මතුව ඇතැයි චෝදනා කරමින් විධායක නිලධාරීහු පවසති.
රජයේ දීපව්‍යාප්ත සේවාවල සහ සමාන්තර දෙපාර්තමේන්තුගත සේවාවන් වල විධායක නිලධාරීන් 30 000 කට පමණ මෙම අසාධාරණය සිදුව ඇතැයිද රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ ලේකම් එච්.ඒ.එල් උදයසිරි මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතපහක් වැඩි නොකල යුතුයි. වැඩවර්ජන සංවිධානය කරන අයව සුදුවෑන් වලින් රැගෙන යායුතුයි...
මේ අලයින්ට මොනවටද වැඩි වැටුප්? රටේ වැඩ කරන ජනතාව ඉන්නේ පුද්ගලික අංශයේ සහ ස්වයං රැකියාවල. මේ අය අපේ රීරි මාංශය බොනවා විතරයි. වාහන බලපත්‍ර, ළමයින්ට විශේෂ පාසල්, බදු රහිත පඩි ඔක්කොම තියෙනවා. තව මොනවද ඉල්ලන්නේ? 1980 ජූලි මාසේ ජේ.ආර්. කරපු දේ හරියට හරි. කොන්දක් තිබුණේ එයාට විතරමයි. ඉන්පස්සේ ආපු හැම පාලකයාම මොවුන්ගේ ඉල්ලීම් වලට යටවුණා. මේ රටේ ඕනෑතරම් විරැකියාවෙන් පෙලෙන අය ඉන්නවා. මාස 3ක් කරදර වෙයි. ඉන්පස්සේ ඔක්කොම හරියනවා සිකුරුයි. එලවලා දමන්න.
සාධාරණ හේතුවක්... ආණ්ඩුව හිතන්නේ නීති ක්ෂේත්රයට විතරයි පඩි දෙන්න ඕනේ කියලා, ඔය වරදම වික්ටර් තෙන්නකෝනුත් කළා. එයා අග විනිසුරු කෙනෙක් වෙලා හිටපු නිසා නීතියට සම්බන්ධ සියලුම ක්ෂේත්රවල පඩි අසාමාන්‍ය විදිහට ඉහළ දැම්මා. අදටත් ඒ විෂමතාවය පවතිනවා. හැමදාම පැලැස්තර දානවා මිසක් කිසිම ආණ්ඩුවක් පිළිගත හැකි ජාතික වැටුප් ප්‍රතිපත්තියක් හදන්න හිතුවේ නැහැ.
වැටුප් වල විෂමතා නැහැ. තියෙන්නේ අනිකා වැඩියෙන් කනවා බොනවා අපිට නෑ කියන එකයි.10.000/= ක් දුන්නනේ අාපු ගමන්... එ්කට හරියන්න වැඩ කරනවද?