(අජන්ත කුමාර අගලකඩ)

ශ්‍රී ලංකා පරිපාලන සේවය ඇතුළු රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් සඳහා රුපියල් 15,000 සිට 50,000 දක්වා මාසික දීමනාවක් ගෙවීමේ යෝජනාවක් අද (17) පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරනු ලැබීය.

රජයේ පරිපාලන ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් එම යෝජනාව ඇතුළත් කැබිනට් සංදේශය අද පැවති ඇමැති මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ලැබූ බව දැනගන්නට ඇත.

එම යෝජනාව මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන සතියේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට ගෙන අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

වැටුප් විෂමතා ඉවත් කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් පසුගියදා වෘත්තිය ක්‍රියාමාර්ගයක්ද ගත් අතර එය සැලකිල්ලට ගනිමින් මෙම යෝජනාව ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකා පරිපාලන සේවය,ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය,මිනින්දොරු සේවය,විගණකාධිපති සේවය ඇතුළු සේවා 12 ක විධායක නිලධාරීන් සඳහා ශ්‍රේණි අනුව මෙම දීමනාව ගෙවීමට යෝජනා වී ඇත.