IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනපති හමු වෙයි

(අංජුල මහික වීරරත්න)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 2023/2024 වසර සඳහා තේරී පත් වූ නව නිලධාරී මණ්ඩලය අද (27) පස්වරුවේ ජනාධිපති කාර්‍යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

වෙළෙඳපොළ වටිනාකම සහ කාර්ය සාධනය පදනම් කරගත් නව වැටුප් ව්‍යුහයක් හඳුන්වාදීම, බුද්ධි ගලනය වැළැක්වීම සඳහා සීමාවාසික පුහුණුව ලබන වෛද්‍යවරුන්ගේ වැටුප් සංශෝධනය මෙන්ම වෛද්‍යවරුන්ට හිමි දීමනා සංශෝධනය පිළිබඳව මෙහිදී ඔවුන් ජනාධිපතිවරයා වෙත අදහස් ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ වූ යෝජනාවලියක් ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණ. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදු කළ යුතු කඩිනම් ප්‍රතිසංස්කරණ පිළිබඳව මෙහිදී පැහැදිළි කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සම්බන්ධයෙන් ද යෝජනා ඉදිරිපත් කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටියේය.

කෙටි කාලීන හා මධ්‍යකාලීන සැලසුම් ඔස්සේ මෙම නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයත්, එම සැලසුම් සකස් කිරීමේ දී ස්කැන්ඩිනේවියානු සහ යුරෝපීය රටවල දියුණු සෞඛ්‍ය පද්ධතින් අධ්‍යයනය කිරීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන, ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ, උප සභාපතිවරුන් වන වෛද්‍ය චන්දික එපිටකඩුව, වෛද්‍ය හේමන්ත රාජපක්ෂ, වෛද්‍ය බෝධික සමරසේකර, වෛද්‍ය එස්. මතිවානන් යන මහත්වරු ප්‍රමුඛ නව නිලධාරී මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (4)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනපති හමු වෙයි

Bandara Thursday, 27 July 2023 08:26 PM

සිංහනාද බලු කෙඳිරිලි කියන්නෙ මේවට තමයි.අප්පු හාමිල ටික ටයි දාගෙන පඹයො වගේ ඉන්න හැටි බැලුවම පේනවා මුන්ගෙ හීනමානයේ තරම.කලින් හිටපු පාදෙණිය ලොක්ක එක්ක රනිල්ට පලු යන්න බැනපු හෙංචයියො ටික දැන් කපන්න බැරි අත ඉඹිනව වගේ ඇවිත් ඉන්න හැටි දකිද්දි හිරිකිතයි.

:       1       4

Prase Thursday, 27 July 2023 09:09 PM

රෝගීන්ට බෙහෙත් නොදී ප්‍රයිවට් හොස්පිටල් වල වැඩ ,පඩිය වැඩි කර ගන්න තමයි ජනාධිපති ලගට යන්න ,ගහලා එලවන්න තියන්න , පිනට ඉගෙනගන්න පඩිය ගන්න හිතන්න කාලකන්නි

:       3       4

doshara Friday, 28 July 2023 06:18 AM

අපොයි ජනධිපති තුමනි ඔය ජොස්තර අයියලාගෙන් පරිස්සම් වෙන්න. ඔය අම්බට්ටයෝ ටික තමයි ගෝඨාට ගෙදර යන්නත් පාර කැපුවේ. මෙයාලයි අන්තරේ අයයි අනුගමනය කරන්නේ එකම තියරිය , එනිසා මෙයාලට හැම තැනම මුදුනෝ වෙන්න ඉඩ දෙන්න එපා . දොස්තරල, හෙද හෙදියන් ඇතුළු අනෙකුත් සෞඛ්‍ය සේවකයන්ට සුදුසු වැටුපක් දෙන්න . නමුත් මෙයාල ඔය දොස්තරලා රටහරයාම වගේ දේවල් ගැන කියන ඉලක්කම් නොමග යවන සුළුයි.

:       4       3

Sathya Friday, 28 July 2023 11:24 AM

පිනාට ඉගෙනගන්න හැමෝටම අවස්තාව දීලා තියනවා

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 439 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site