IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රජය වෘත්තීය සමිතිය එක්ක හැප්පෙන්න හොඳ නෑ

(අංජුල මහික වීරරත්න)

රජය කළ යුත්තේ වෘත්තීය සමිති සමඟ හැප්පීම නොව ප්‍රශ්න හඳුනාගෙන ඔවුන් සමග ගනුදෙනු කිරීම බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ජාතික ආර්ථිකයට වැඩියෙන් දායක වන අයට වඩා අඩුවෙන් දායක වන අය වැඩි වරප්‍රසාද ලබන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

ලංකා සමාජවාදී කම්කරු සමිතියේ පනස්වන සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කීය.

මෙම සැමරුම් උත්සවය කෝට්ටේ නගර ශාලාවේදී පැවැත්විණි.

"දේශපාලඥයින් සහ වෘත්තීය සමිති ගැටෙන්න අවශ්‍ය නැහැ.ගැටලු නිරාකරණය කරගන්න අවශ්‍ය විශ්වාසය සහ විසඳා ගැනීමට මාර්ග නිර්මාණය කිරීමේ හැකියාව දේශපාලඥයින් සහ වෘත්තීය සමිති අතර තිබිය යුතුයි . 

බොහෝ ගැටලු සාමූහිකව ප්‍රජාතන්ත්‍රවාදීව හවුල් වී කටයුතු කිරීමෙන්  නිරාකරණය කළ හැකියි යනුවෙන් ද අග්‍රාමාත්‍යවරයා කීය.



අදහස් (6)

රජය වෘත්තීය සමිතිය එක්ක හැප්පෙන්න හොඳ නෑ

nisha Monday, 22 January 2024 01:49 PM

ඇති යන්තම් මොලේ පෑදුනා ,කම්කරු පක්ෂ නායකයෙක් වෙලා.ධනවාදයට කඩේ යන්නේ නැතිව කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්න. am පෙරේරා පෙන්නපු ඒ හයිය විනාශ කරන්න දෙන්න එපා.ඔබ කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්න.සම සමාජයක් ගොඩ නගන්න කැප වෙන්න

:       14       8

LasanthiMonday, 22 January 2024 02:40 PM

රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා හැටියට මුන්දැගේ කතාව ඉතාමත් පිළිකුලෙන් හෙලා දකිනවා... මොකද ඇමැතිවරයා කටයුතු කරන්න ඕනෑ සේවකයින් වෙනුවෙන් පමණක් නොවෙයි, සමස්ත ජනතාව වෙනුවෙන් තමයි... ඉතින් සුලුපිරිසකගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙහෙම කතාවක් කිව්වාම අනෙක් සියලු දෙනාගේම මානව හිමිකම් සම්පූර්ණයෙන්ම උල්ලංඝනය වෙනවා... එනිසා මුලින්ම ජනතාව වෙනුවෙන් කටයුතු කර ඉන් පස්සේ වෘත්තීය සමිති වෙනුවෙන් කටයුතු කරන්න අපි අකමැති කෙනෙක් වුණත් බණ්ඩාරනායක උන්නැහේ කියලා තිබුණේ මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි කියලා තමයි... එහෙම නම් ජනතාව අමතක කර වෘත්තීය සමිති වෙනුවෙන් කඩේයාම සාධාරණ නැහැ නේද?

:       0       7

සෙනෙවිරත්න Monday, 22 January 2024 02:08 PM

කඹුරලා කඹුරලා නහර පණ නැති අවසාන කාලේ මොලේ පෑදිලා වගේ. ඕවා අපට කියන්නේ කැබිනට් එකේදී කතාකරලා ඇමැතිලාට හරිදේ කරන්න කියන්න. හැබැයි තමුන් මළදාට රතිඤ්ඤා පත්තු කරන එක නම් නතර කරන්න බැරිවෙයි ඔය කතාවලට...!

:       3       9

de silva Monday, 22 January 2024 03:29 PM

මෙයාගේ මොලේ කිසිම අවුලක් නැහැ... දැන් ඡන්දෙ කිට්ටුවෙලා, හැමදාම මෙයාට සමාජ වාදය මතක් වෙන්නේ ඡන්දේ කිට්ටු වුණාම... ඡන්දෙන් පස්සේ V8 නැග්ගා ගියා..

:       0       8

Bamunuarachchi Monday, 22 January 2024 07:00 PM

JR සමග වෘත්තීය සමිති හැප්පෙන්න ගිහිල්ලා ගොයියෝ පාඩම් ඉගෙන ගත්තා නේද? වෘත්තීය සමිති එක්ක කටයුතු කිරීමේදී JR මෙන් කටයුතු කරන්න කියලා කියන්න. දැඟලුවොත් රස්සාවෙන් දොට්ට. යන ප්‍රතිපත්තියේ ඉන්න... වැඩ කළොත් පඩි ගෙවනවා. නැත්තම් නැහැ...!

:       0       1

Kazi Shajahan Tuesday, 23 January 2024 07:57 AM

කතාව සමාජ වාදය .නමුත් කන්නේ බොන්නේ ,වැඩ කරන්නේ ධනවාදීන් එක්ක .බොරළු ගොඩ බලු සිංහයා

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site