IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


රජයේ වැටුප් වැඩිකිරීමේදී ETF සේවක මූලික වැටුපත් කැපිලා

(යොහාන් භාසුර)

අර්ධ රාජ්‍ය ආයතනයක් වන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සේවකයන්ගේ වැටුප මෙම වසරේ අයවැයයෙන් කළ වැටුප් වැඩිකිරීමට අනුව  මූලික වැටුපේ සිට අඩු වී ඇතැයි චෝදනා කරමින් එම මණ්ඩලයේ සේවකයන් නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට අද (4) විරෝධතාවක් දැක්වූහ.

එම මණ්ඩලයේ වර්තමාන සභාපතිවරයා ගත් අත්තනෝමතික තීරණයක් හේතුවෙන් ඇතැම් සේවකයන්ගේ මූලික වැටුපෙන් රුපියල් 20,000 ක් පමණ අඩුවී ඇති බවත් එම සේවකයන්ට වාහාම සාධාරණ ඉටුකරන ලෙස ඉල්ලා සිටින බවත් විරෝධතාකරුවෝ එහිදී පැවසූහ.  

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය සේවකයන්ට මේ සම්බන්ධයෙන් කථා කිරීමට සාකච්ඡාවක් හෝ නොදෙන බව කී විරෝධතාකරුවෝ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට මෙයට මැදිහත්වන ලෙස ඉල්ලා සිටින බව ද සඳහන් කළහ.

(ඡායාරූපය: ශාන්ත රත්නායක) 



අදහස් (0)

රජයේ වැටුප් වැඩිකිරීමේදී ETF සේවක මූලික වැටුපත් කැපිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 593 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2285 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site