
(අංජුල මහික වීරරත්න)
රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම් දෙක පසුගිය වසරේ වාර්තා ගත ලාභයක් උපයා ඇතැයි එම පොහොර සමාගම් දෙකේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පවසයි.
මෙතෙක් පොහොර සමාගම් දෙකක් වශයෙන් වශයෙන් පැවැති එම සමාගම් දෙක 2024 වසරේ සිට රාජ්‍ය පොහොර සමාගම (State Fertilizer Company) නමින් ඒකාබද්ධ කරනු ලැබීය.
රාජ්‍ය පොහොර සමාගමේ ඉදිරි කටයුතු හා මෙවර යල කන්නයේ මෙන්ම ඉදිරි මහ කන්නයේ දී පොහොර සැපයීම පිළිබඳව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව කීය.
එහිදී අදහස් පළ කළ රාජ්‍ය පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා කීවෙි ඒකාබද්ධ කරන ලද මෙම පොහොර සමාගම් දෙක මගින් පසුගිය වසරේ දී රුපියල් මිලියන 433ක ලාභයක් උපයා ඇති බවයි. ඒ අනුව ලංකා පොහොර සමාගම රුපියල් මිලියන 141ක් හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම රුපියල් මිලියන 292ක වශයෙන් ලාභ උපයා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
3000 පොහොර 13000 ට දුන්නාම ලාභ නැතිද? විදුලිබල මණ්ඩලයේ අනිත් එක. රට ආර්ථිකය ගොඩ ගත්තේ ඔන්න ඔහොම තමයි. ආණ්ඩුව කලුකඩකාරයෝ වගෙයි...
අපි හීනෙන් වගේ දැකපු අර චීන පෝර නැවට ගෙවපු ඩොලර් මිලියන 6.7 අඩු කරලද ඔය ලාභය ගැන කිව්වේ?