(අංජුල මහික වීරරත්න)
රජය ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ රටේ වැටී ඇති ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා බවත්, එමෙන්ම රට අරාජිකත්වයට පත් වීමට ඉඩ නොතබා නීතිය හා සාමය ආරක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පැවති රොටරි සමාජයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින ඇතුළත්වන දිස්ත්‍රික් අංක 3220 විසින් සංවිධානය කරන ලද 32 වන රොටරි දිස්ත්‍රික් සමුළුව අමතමිනි.
රටේ ආර්ථිකය කඩිනමින් යථා තත්ත්වයට පත්වනු ඇති බවට මෙහිදී විශ්වාසය පළ කළ ජනාධිපතිවරයා මේ වසර අවසන් වීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදය සක්‍රීයව ක්‍රියාත්මක වන සමාජයක් ගොඩනඟන බවට ද සහතික විය.
එමෙන්ම රටේ ආර්ථික ගැටලු විසඳා ගැනීමත් සමග තවදුරටත් ජනතාවට පීඩාවට පත්වීමට ඉඩ නොතබන බව අවධාරණය කළ ජනාධිපතිවරයා රජය සියලු තීන්දු තීරණ ගන්නේ ඒ වෙනුවෙන් බව ද කියා සිටියේය.
තමන් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන නායකයකු බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නමුත් රටකට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පළමුව මහජන සාමය අවශ්‍ය බවත්, ඒ සඳහා නීතිය හා සාමය පවත්වා ගැනීම අවශ්‍ය බවත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමු කැවිලද කොහේද?. කතා කරන්නේ එයාට තියෙන ප්‍රශ්න ගැන මිසක් රට තුළ ඇත්තටම තියෙන ප්‍රශ්න ගැනනම් නෙවෙයි...
කරන දෙයෙහි හාත්පසින් විරුද්ධ පැත්ත කතා කරන තුප්පහි දේශපාලන කලාව...
නිකන් වටේ යන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදය කල් දැමීම තුළින් මහජන උද්ඝෝෂණ ඇතිවෙනවා.. නීති කැඩෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීම තුළින් මහජන කැමැත්ත ප්‍රකාශ වීම මත, එම රජයට වැඩ කිරීමට යම් කාලයක් දී ජනතාව සන්සුන් වෙනවා. ඒ තුළින්, ආර්ථික දියුණුව ළඟාකිරීම පහසු වෙනවා. ඡන්දයෙන් ඔයාගේ පැත්ත පරාදවෙන බව දන්නා නිසා ආර්ථික දියුණුවක් ගැන කතාකරනවා. ඔයා අගමැති වෙලා, දැන් ජනාධිපති වෙලා රට තවතවත් ණයකිරිම හා විකිණීම හැරෙන්නට මොනවද ලබාගත් දියුණුව?
සියල්ලටම කළින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තහවුරු කර සිටින්න.
බම්බුව තමයි... අවුරුදු 50ක් ඕකම තමයි කියන්නේ... කරපු වැඩක් නැහැ... තොලොංචි වෙලාම යන්න ඕනෑ. රටට යහපතක් වෙනවා නම්...
පේන විදිහට නම් ප්‍රමුථකාව... ඡන්දය කල්දැමීම... මර්ධනය සහ බදු වැඩිකිරීම...
අවුරුදු හතළිස් ගාණක් බලයේ ඉඳගෙන තාම ඕකම කියවනවා. ඔයවගේ දුර්වල කෙනෙක්ට ඕක කරන්න බෑ. කරන්න පුළුවන් කෙනෙක්ට ඕක දෙන්න... ඊට පස්සේ ගිහින් මැදමුලනේ ගිහින් පදිංචි වෙන්න...