(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රතිත්‍රස්ත පනත ඉවත්කර ගැනීමට රජය තීරණය කර ඇත.
ඒ සඳහා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද (02) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද සන්දේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසිකර ත්‍රස්තවාදය මැඩ පැවැත්වීමේ නව නීති පැනවීමේ අරමුණින් මෙම ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ එවකට විදේශ අමාත්‍යවරයාව සිටි මංගල සමරවීර මහතා විසිනි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසිකළ යුතුබව ජිනිවාහි සම්මත වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාවලියේදී සඳහන් වී තිබිණ.
මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිත්‍රස්ත පනතට එවකට විපක්ෂයේ සිටි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙන්ම ආගමික හා සිවිල් සංවිධානද විරෝධය පළකර තිබිණි.
එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවෙන් ඉවත් කර ගැනීමට කැබිනට් මණ්ඩලය අද (02) තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න මේක නම් ඉතාම හොඳ තීරණයක්. මේකත් යූ ටර්න් වුනේ නැති එක ගැන සතුටු වෙනවා. පහුගිය ජනාධිපතිවරණයේදී මේ රටේ මිනිස්සු ඡන්දෙ දුන්නේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඉන්න පිලට. මේ ප්‍රතිත්‍රස්ත පනතට විරුද්ධව රටට ආදරේ කරන මහා සංඝ රත්නයෙන් සහ සිංහලයින්ගෙන් විශාල විරෝධයක් ආවා. ජනතාව තියපු විශ්වාසය කඩ නොකිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. හැබැයි ජිනීවා ගිවිසුමට සංශෝධනය එකතු කිරීමට ගත් තීරණය සම්පූර්ණයෙන්ම හෙළාදකිනවා. 2015 ඉඳන් ජනතාව කිව්වේ ඒ ගිවිසුම අහෝසි කරන්න කියලා. මේ පැත්තේ දේශපාලකයෝත් එදා වගේම මේ ජනාධිපතිවරණයේදීත් කිව්වා ජිනීවා ගිවිසුම පිළිගන්න බැහැ කියලා. දැන් යූ ටර්න් ගහලා ඒ ගිවිසුමට සංශෝධන ගේනවා කියන්නේ ජිනීවා ගිවිසුම පිළිගන්නවා කියන එක... ඒක ජනමතය පාවාදීමක්... අනිත් අතට එහෙම සංශෝධන එකතු කරන්න හදන්නේ යුද්ධයට නායකත්වය දුන්නයි කියලා එදා පොහොට්ටු ජනාධිපතිවරණ අපේක්ෂකයාම කියපු යුද්ධය තිබ්බ කාලේ හිටපු හමුදාපතිවරයාව පාවලා දීමේ කූඨ වෛරක්කාරී අදහසින් නම්, ඒකටත් විරුද්ධයි. පහළම යුද සෙබලාගේ සිට ඉහළම හමුදාපති දක්වා යුද ජයග්‍රහණයට දායක වූ කිසිම රණවිරුවෙක් පාවා නොදිය යුතුයි කියන මතයේ එදත් අදත් අපි එක විදිහටම ඉන්නවා...
එංගලන්තේ අර අහක යන මිනිහෙකුව ත්‍රස්තයෙක් කියල වෙඩි තියල එංගලන්ත ආණ්ඩුව ඒක සාධාරණීකරණය කළ හැටි දැක්කනේ. ඒ හින්ද අපි මොන තරම් මනුෂ්‍ය හිතවාදී නීති ගෙනාවත් ලොකු රටවල් ඒකට විරුද්ධව කෑ ගහනවමයි. එහෙම තමයි උන් පොඩි රටවල් බය කරලා තමන්ගේ ණයදී ගන්නේ. එත් ඉතින් ජාත්‍යන්තර විරෝධය ගැන හිතල හරි මානව හිමිකම් ගැන බලපාන අණපනත් ටිකක් අඩු කරන එක නම් හොඳයි. හැබැයි ත්රස්තවාදයට වැට බඳින නීති රීතිත් රටේ ආරක්ෂාවට අවශ්‍යයි.
ත්රස්තවාධින්ට හමුදා පොලිසි වලට වඩා අයිතිවාසිකම් හිමිවෙන ඔය පනත අකුලාගත් එකට අපගේ බලවත් ප්‍රසාදය.