(සුජිත් හේවාජුලිගේ )
රජය දැනට පියවා නැති හිඟ බිල්පත් වල වටිනාකම රුපියල් කෝටි විසි දහසක්( බිලියන දෙසීයක්) බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය.
විශේෂයෙන්ම ඉදිකිරීම් සහ වෙනත් ආයතන වලට ගෙවිය යුතු බිල්පත් ඒ අතර වන බව පැවසූ ලේකම්වරයා රජය පවතින්නේ ඒ බිල්පත් ගෙවිය නොහැකි මට්ටමක යැයි ද සඳහන් කළේය.
ලැබෙන ආදායම වැටුප් සහ සහනාධාර වැනි අත්‍යවශ්‍ය කටයුතු සඳහාද ප්‍රමාණවත් නොවන බව සිරිවර්ධන මහතා පැවසීය.
මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙසේ පැවසුවේ එම අමාත්‍යාංශයේදී ඊයේ (15) පැවැති සම්මන්ත්‍රණයකදීය.
රජයේ ආදායම් උත්පාදනය කිරීමට නව මූල්‍ය සහ බදු ප්‍රතිපත්ති හඳුන්වා දුන්නේ මේ පසුබිම සැලකිල්ලට ගෙන යැයි පැවසූ ලේකම්වරයා කැප කිරීමකින් තොරව රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම දුෂ්කර බවද සඳහන් කළේය.
අයවැයෙන් බදු පරිපාලනය ශක්තිමත් කිරීමට පියවර කිහිපයක් යෝජනා කර ඇතැයිද ඔහු පැවසුවේය.
COMMENTS
මෙයා ආර්ථිකේ හොඳ නැහැ කියනවා මහා බැංකු අධිපති ආර්ථිකේ හොඳ තත්වයකට ඇවිල්ලා කියනවා .අනේ මන්දා
අපි බදු ගෙවිය යුත්තේ ඇයි?මහජන මුදල් කියන්නේ අපි ජීවිත කාලෙම දුක් විඳ විඳ හම්බ කරන තුට්ටු දෙකෙන් සූරා ගන්න සල්ලි .ඒවායින් වැඩි හරියක් වැය වෙන්නේ අර දියවන්නාවේ හරක් ගාල නඩත්තු කරන්නයි පැරදිච්ච ජනාධිපතියයි මැරිච්ච ජනාධිපතිලාගේ පවුල් ගස් නඩත්තු කරන්නයි විතරයි .ඇත්තටම මේ රටේ ඉන්න උන්ට හාල් නෙමෙයි පුන්නක්කු තමයි ගෙන්වලා දෙන්න ඕනේ