IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


රජයේ-පෞද්ගලික මාණ්ඩලික නොවෙන සේවකයින්ගේ වැටුපෙන් ණය වාරික අයකිරීම තාවකාලිකව අත්හිටුවයි

( ඩිල්ෂනි චතුරිකා දාබරේ)

 රජයේ හා පෞද්ගලික අංශයේ මාණ්ඩලික නොවන සේවකයන්ගේ වැටුපෙන් ණයවාරික අයකරගැනීම මැයි 30 දක්වා අත්හිටුවීමට රජයේ අනුමැතිය හිමිව තිබේ.
 
බැංකු සහ මූල්‍ය ආයතනවලින් ලක්ෂ 10ට අඩු පෞද්ගිලික  ණය ලබාගත් පුද්ගලයන්ගේ ණය අයකරගැනීමද මාස තුනකට අත්හිටුවා ඇත.
 
එමෙන්ම විදුලි බිල්පත්, වරිපනම් බදු, බැංකු චෙක්පත් වලංගු කාල සීමාව මැයි 30 වන දින දක්වා දීර්ඝ කිරීමට ද අනුමැතිය හිමිව ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(25) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී  මේ පිළිබඳව දැනුම් දුන්නේය.
 
මෙම අවස්ථාවට කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශකවරුන් වන  උසස් අධ්‍යාපන, තාක්ෂණ නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ යන මහත්වරු එක්ව සිටියහ.



අදහස් (0)

රජයේ-පෞද්ගලික මාණ්ඩලික නොවෙන සේවකයින්ගේ වැටුපෙන් ණය වාරික අයකිරීම තාවකාලිකව අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 141 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 78 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 450 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site