
(කවිඳු දිල්ෂාන්)
නළදරු තාක්ෂණය භාවිත කරමින් රාජ්‍ය අංශයේ පළමු සාර්ථක ගැබ් ගැන්වීමේ දරු ප්‍රසූතිය අද (31) උතුරු කොළඹ ශික්ෂණ රෝහලේදී සිදු කෙරිණි.
කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ප්‍රසව හා නාරිවේද අධ්‍යයනාංශයේ සාඵල්‍යතා මධ්‍යස්ථානය (IVF Centre) විසින් නළදරු තාක්ෂණය භාවිත කරමින් සාර්ථක ගැබ් ගැන්වීමක්, පසුගිය වසරේදී සිදු කෙරුණු අතර මෙම සාර්ථක ගැබ් ගැන්වීමට යොමු වූ මවගේ දරු ප්‍රසූතිය සිසේරියන් සැත්කමක් මගින් ඊයේ රාගම - උතුරු කොළඹ ශික්ෂණ රෝහලේදී සාර්ථක ලෙස සිදු කෙරිණි.
එම සැත්කම සිදු කරනු ලැබුවේ කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රසව හා නාරිවේද අධ්‍යයනාංශයේ, ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රසික හේරත් මහතා ප්‍රමුඛ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසිනි.
රාජ්‍ය අංශයේ සාඵල්‍යතා මධ්‍යස්ථානයක නළදරු තාක්ෂණය භාවිත කරමින් සිදු කළ ගැබ් ගැන්වීමකින් පසු, රජයේ රෝහලකදී සිදු කරනු ලැබූ පළමු දරු ප්‍රසූතිය මෙය වීම විශේෂත්වයකි.
මෙම දරු ප්‍රසූතියට යොමු වූයේ 31 හැවිරිදි මවක වන අතර ඇයත් දරුවාත් මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවෙයි.
එම නළදරු ගැබ්ගැන්වීම රාජ්‍ය අංශයේ සාඵල්‍යතා මධ්‍යස්ථානයකින් සිදු කළ පළමු සාර්ථක නළදරු ගැබ් ගැන්වීම වීම වන අතර එය සිදු කරනු ලැබුවේ කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ, ප්‍රසව හා නාරිවේද අධ්‍යයනාංශයේ, ප්‍රසව හා නාරිවේද සහ මදසරුභාවය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුරංග හෙට්ටිපතිරණ මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් විසිනි.
වසරක පර්යේෂණ කාර්යයක සාර්ථක ප්‍රතිඵලයක් වූ මෙම නළදරු ගැබ් ගැන්වීම ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිදු කරන ලද සුවිශේෂ කර්තව්‍යයකි.
2025 නොවැම්බර් මස 04
264
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2107
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1609
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රජයේ නළදරු ගැබ් ගැන්වීම සාර්ථකයි
Bunny Preena Friday, 01 August 2025 09:52 AM
අනේ වාසනාවන්. දරුවන් ලබන්නට සිහින මවන දෙමවුපියන් මෙය මහත් අස්වැසිල්ලක් වනු ඇත..