(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය නිලධාරීන් අධිකරණය සමග සෘජුව ලිපි ගනුදෙනු කිරීමෙන් වැළකිය යුතු යැයි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.
රජය හෝ රාජ්‍ය නිලධාරීන් පාර්ශවකරුවන් වන අධිකරණ කටයුතු හෝ ඊට ආනුෂංගික කරුණු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් හෝ ඊට පහළ මට්ටමේ නිලධාරීන් විසින් කිසිදු අවස්ථාවක අගවිනිසුරුවරයා ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවරුන්, අධිකරණ සේවා කොමිෂන් සභාව හෝ අධිකරණ නිලධාරින් (මහාධිකරණ විනිසුරුවරුන්, දිසා විනිසුරුවරුන් හා මහේස්ත්‍රාත්වරුන්) සමග සෘජුව ලිපි ගනුදෙනු කිරීමෙන් වැළකී සිටිය යුතු බවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ නියෝගයේ සඳහන් වෙි.
සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් , රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත අද (15) ලිපියක් යොමු කරමින් ජනාධිපති ලේකම්වරයා මෙම දැනුම් දීම සිදු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටද අනේ සීනී බෝල කවන්න හදන්නේ.
ඔව්. දේශපාලකයන්ට අධිකරණයට ඍජුව මැදිහත් වෙන්න පුළුවන්. රාජ්‍ය සේවකයන්ට බැහැ
එතකොට දේශපාලුවෝ??? ඔවුන් නේ උසාවියට බලපෑම් කරන්නේ.