( අංජුල මහික වීරරත්න )
අග්‍රාමාත්‍යධුරය දැරීම අධිකරණය විසින් තහනම් කරනු ලැබ ඇති හෙයින් මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම්වරයා ප්‍රමුඛ ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් පස් දෙනෙකු පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවටත් මූල්‍ය කමිටුවට හා පොදු විගණන කමිටුවටත් ගෙන්වා ප්‍රශ්න කිරීම සඳහා වන යෝජනාවක් කතානායකවරයාට සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට බාර දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
මුදල් අමාත්‍යංශයේ ඇතැම් නිලධාරීන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඇතැම් නිලධාරීන් මෙන්ම ඇතැම් අමාත්‍යංශ ලේකම්වරුන් මූල්‍ය කාරණා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අණ නොතකා කටයුතු කරණ බවවට පෙනී ගොස් තිබෙන නිසා මෙම පියවර ගත් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
නීතීවිරෝධි අග්‍රාමාත්‍ය ලේකම් ලෙස කළ එස් අමරසේකර, මුදල් අමාත්‍යංශයේ නීතී විරෝධි ලේකම් ලෙස කටයුතු කළ එස්.ආර්.ආටිගල , වානිජ වෙළෙඳ හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශයේ ලේකම් වරයා වු බර්නාඩ් වසන්ත පෙරේරා, නිවාස හා සමාජ සුබසාධන අමාත්‍යංශයේ ලේකම් වු උපාලි මාරසිංහ, ජාත්‍යන්තර වළෙඳ සහ ආයෝජන පිළිබඳ අමාත්‍යංශ ලේකම් වු එස් වී කොඩිකාර මහත්වරුන් පාර්ලිමේන්තු කමිටුව හමුවට කැඳවීමට යෝජනාවේ සඳහන් කර ඇති බවද චම්පික රණවක මහතා පැවසීය.
ලක්ෂ්මන් කිරිඇල්ල, පාඨලී චම්පික රණවක, රවී කරුණානායක, රාජිත සේනාරත්න, අකිල විරාජ් කාරියවසම් සහ අර්ජුන රණතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව අදාළ යෝජනාව බාර දී තිබේ.
( ඡායාරූප සහ වීඩියෝ ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහත්තයාගේ දේශපාලනය ගැන අපි හොදින් දන්නවා.
ඔහොමම මාංචු දමලා අත්අඩංගුවට ගන්න .,
'' පිස්සෙක් ඔබ අමතයි ""
දැන් මෙයා රාජ්‍ය නිලධාරි ගැන කථා කරනවා බලය නැතුවුනහම. බලය තිබෙන කොට මෙයා හිටපු හැම අමාත්‍යාංශයකම පරිපාලන තනතුරකට මෙයාගෙ ඇම්බැට්ටයෙක් හෙවනැල්ල වගේ එක්ක ගිහින් කිසිම ලැජ්ජාව ක් නැතුව පත් කරා.
අධිකරණය විසින් අගමැති හා අමාත්‍ය මණ්ඩලය තම තනතුරුවල රාජකාරි වල නියැලීම තාවකාලිකව අත් සිටුවා තිබෙනවා. ඒ මිසක් ඔවුනගේ තනතුරු අහෝසි කර නැහැ. ඒ වගේම මෙම අත්සිටුවීම බලපාන්නේ අමාත්‍යවරුනට පමණයි. ලේකම්වරුන්ට බලපානව කියල කොහෙද තියෙන්නෙ? ලේකම්වරුන්ගේ පත්වීම් බලධරයා රටේ ජනාධිපතිවරයා මිසක් පාර්ලිමේන්තුව හෝ කථානායක හෝ නොවේ. එල්ලෙන්න වැල් නැතුව බොරුවට රාජ්‍ය නිලධාරීන් බය කරන්න හදනවා.
අටපාස් කඟවේනන්ගේ කටමැත දෙඩවිල්ල. අත්අඩංගුවට ගන්න නෙමෙයි,.. මේ අමනයින් කරන පර වැඩ පැත්තක තියාගෙන මේ රට මෙහෙමවත් දුවවන එකට... ඒ ලේකම්වරුන්ට හා රජයේ නිලධාරින්ට මේ අය ස්තූතිවන්ත වෙන්න ඕනෑ මේ වෙලාවේ. ඒ වෙනුවට මේ කාලකන්නි ඒ මිනිස්සුන්ව හිරකරන්න ගියාම රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට අවශ්‍ය විසඳුම් හා ප්‍රතිදාන දෙන්නේ මේ හරක් 225ද? තොපි රැල මරා ගන්නවා වගේ නිලධාරිනුත් මරා ගත්තා නම් අද මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට මොකද වෙන්නේ... අහිංසක මිනිස්සුන්ගේ සමෘද්ධිය පිං පඩි මේ රටේ සංවර්ධන ව්‍යෘපෘති මෙහෙයුම් කටයුතු කරන්නේ ඔබලාද? ඔබලා මරාගන්නේ කොමිස් කුට්ටිවලට හා අනෙකුත් වරප්‍රසාදවලට මිස මේ රටට ආදරේට නෙමෙයි කියලා අපි තේරුම් අරන් ගොඩක් කල්...
මෙයා කාලයක් සිංහල මුස්ලිම් බේදයක් ඇති කරලා බලය ගන්න දැඩි උත්සහයක් දැරුවා අපිට නම් අමතක නැ.
නිලධාරීන්ට දෙපැත්තෙන්ම පීඩනය...
හොඳ ආදර්ශයක්.