(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
රජයට අයත් දේපළ සෙලෙන්දිවා ඉන්වෙස්මන්ට් හා ලෙෂර් සමාගම්වලට පවරා දීම හෝ බදුදීම වලක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඉංජිනේරුවරයෙක් අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
දෙහිවල කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි වරලත් ඉංජිනේරුවරයකු වූ කපිල රේණූක පෙරේරා මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති ,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ , මුදල් අමාත්‍යාංශය ලේකම් ආර්.ආටිගල, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු 19 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.
නීතිඥ දර්ශන වේරදූවගේ මහතා මාර්ගයෙන් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත.
එම සමාගම මගින් රටේ ආරක්ෂාව , භෞමික අඛණ්ඩතාවය ,සහ ස්වෛරීභාවයට තර්ජනයක් වන බවද , එමගින් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සදහන් කරමින් එම සමාගමට රජයට අයත් දේපල පැවරීම , විකිණීම නවතාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය ගෙඩිපිටින් විකුණන කොට... මේ අය කොහේද දන්නේ නැහැ හිටියේ?
මම දකින විදියට මෙහිදී සිදුවන්නේ පුද්ගලික අංශයත් සහභාගිකරගෙන මෙම දේපල සංවර්ධනය කරන එක. මහජන කොටස් නිකුතුවකින් මහජනතාවටත් අවස්ථා ලැබෙනවා.. මේ ආයෝජනයට. කුමක් වුවද නීතියේ තීරණය එනතුරු...
සජිත්ලා බලයට පත්වුණු වහාම, පොහොට්ටුව විකුණපු සියලු දේ නැවත පවරා ගන්නවා කියලා ෆොන්සේකා මහත්මයා කිව්වා.
නොදන්නා දේවල් කතා කරන්නේ නැතිව ඉන්න... ඔබ ගැන මම හොඳින්ම දන්නවා. ඔබ මිලානෝ කෑල්ලක් දමාගත්තාට මිලානෝ මොනපාටද කියලාවත් දන්නේ නැති දකුණේ ගස් ගොනෙක්... අවශ්‍ය නම් ඔබේ නමත්, ඉන්නේ කොහෙද, කරන්නේ කුමක්ද කියලත් කියන්නම්...!!!