IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


රජය ජනතාවගේ භාෂණය මර්දනයක

(නිමල කොඩිතුවක්කු)

රටේ  ආර්ථිකය ස්ථාවර කිරීමට අවශ්‍ය යැයි කියමින් රජය  ජනතාවගේ භාෂණයේ නිදහස ඇතුළු  ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කප්පාදු කරමින් සිටින බව සමගි ජන බලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.

මාධ්‍යට සහ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් නීති අණපනත් ගෙන ඒම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ  වැඩක්ද නැතිනම් පොලිසියේ වැඩක්ද යන කාරණය පිළිබඳ ගැටළු මතුවන බවත් රහුමාන් මහතා සඳහන් කළේය.

මීට පෙර මාධ්‍යට සම්බන්ධ පනත් සහ නීති ගෙන ආවේ ජනමාධ්‍ය අමාත්‍යාංශය වුවත් සමාජ මාධ්‍ය නියාමන පනත පොලිසිය භාර ඇමැතිවරයා ගෙන ඒමේ යටි අරමුණක් තිබෙන බවත් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

රාජපක්ෂලාගේ අදහස් වලට අනුව වැඩ කරන පුද්ගලයෙක් බවට අද රනිල් වික්‍රමසිංහ මහතා පත්ව ඇතැයි ද ඔහු එහිදී තවදුරටත් කීවේය.



අදහස් (1)

රජය ජනතාවගේ භාෂණය මර්දනයක

වංහුන් Thursday, 28 September 2023 06:17 PM

නිකන් යන්න හලෝ... භාෂණ මර්ධනයයි, බොරු මර්ධනයයි කියන්නේ දෙකක්. ජෙප්පන් ගැලරියට ගල් පැලෙන බොරු කියන්නේ. ගැලරිය හිතාගෙන ඉන්නේ ජෙප්පෝ බලයට ආවොත් මාසෙන් මෙරට සුරපුරයක් වෙනවා කියලා. ඒ බොරු නවත්තන්න ඕනේ. රනිල් කියනවා 2048 වෙනකොට මෙරට හැදෙයි කියලා... ජෙප්පෝ මාසෙන් අවුරුද්දෙන් මේක සුරපුරයක් කර දෙන්නම්ලු...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site