(මනෝජ් හර්ෂික)
ජගත් පරිසර දිනය යෙදෙන ජුනි (5) වැනි දිනට සමගාමීව ජාතික පරිසර සැමැරුම් සතියක් රජය ප්‍රකාශයට පත් කර ඇත.
“තිරසර වන කළමනාකරණයක් තුළින් වායු දුෂණය අවම කිරීම” යන්න මෙවර පරිසර සැමැරුම් තේමාව ලෙස නම් කර තිබේ.
“ජගත් පරිසර දින සැමැරුම් වැඩසටහන” යන මැයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ විශේෂ අමාත්‍ය මණ්ඩල සන්දේශයකට අනුව ජගත් පරිසර දිනයට සමගාමීව 2016 වසරේ අප්‍රේල් 28 වැනි දා සිට ප්‍රකාශයට පත් කළ අතර ඒ අනුව මැයි 30 සිට ජූනි 5 වැනිදා දක්වා මෙම පරිසර සතිය ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව මැයි (30) පරිසරය පවිත්‍ර කිරීම හා පරිසරය පිළිබඳව දැනුවත් කිරීමේ දිනය,මැයි (31) වායු දුෂණය හා අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය, ජූනි (01) රුක් රෝපණ දිනය, ජූනි (02) ජලය හා මූලාශ්‍ර සංකරක්ෂණ දිනය, ජූනි (03) ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය, ජූනි (04) තිරසර ඉඩම් කළමනාකරණ දිනය, ජූනි (05) ජගත් පරිසර දිනය ලෙස නම් කර තිබේ.
මේ සම්බන්ධයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම රාජ්‍ය ආයතන වෙත ජනාධිපති ලේකම්වරයා චක්‍ර ලේඛයක් ද නිකුත් කර තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්‍තුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බොරු දින වලට මුදල් වියදම් කරලා වැඩක් නෑ... තියෙන ගස් කෝලන් ටික සතා සිව්පාවා රැක ගන්නේ නැතිව...... රට වටේ කැළේ කපනවා...... සත්තු මරනවා.... ප්‍රධාන ජාල මාර්ග සියල්ලටම කැලි කසල එකතු කරනවා මොන පරිසර දින සතිද?
අංක එක , විල්ලත්තු වන සංහාරය නතර කිරීම , නැවත වනය ගොඩ නැගීම ඊට අදාල සියලුම දෙනාට දඬුවම් කිරීම. නැත්නම් මොන සති නම් කළත් වැඩක් නෑ. නිකම් දේශපාලන හිස් කතා ඇසෙයි.
මේ මොන විහිලුද. එහෙන් විල්පත්තුව විනාශ කරන්න ඉඩදීලා මෙහෙන් රුක් රෝපණය කරන්න හදනවා.