(රංජන් කස්තුරි)
රාජ්‍ය සේවයේ නියතු රාජ්‍ය කළමනාකරණ සහකාරවරුන්ගේ තනතුරු නාමය ‘කළමනාකරණ සේවා නිලධාරී‘ ලෙස වෙනස්කර තිබේ.
මුලදී ලිපිකරු යන තනතුරු නාමයෙන් හැඳින්වූ එම රාජ්‍ය සේවකයින් පසුව රාජ්‍ය කළමනාකරණ සහකාර යනුවෙන් 2013 වසරේදී වෙනස් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කළ අතර එම නාමයද ඉකුත් 9 වැනිදා සිට යළිත් වෙනස් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කළොත් ඡන්දෙ දෙනවා කිව්වද?
වින්නඹු මාතාව, පවුල් සෞඛ්‍ය සේවිකා වෙලා පවුල් සෞඛ්‍ය නිලධාරිනී වුණා. ග්‍රාමසේවක, ග්‍රාම සේවා නිලධාරි වෙලා ග්‍රාම නිලධාරි වුණා. ලිපිකරු, කළමනාකරණ සහකාර වෙලා දැන් කළමනාකරණ සේවා නිලධාරි වුණා. නිසැකවම ඊ ළඟ පියවර 'කළමනාකරණ නිලධාරි'. මොකක්ද මේකෙන් පේන්නේ? මං අහල තියෙන හැටියට එංගලන්තේ පහළම පොලිස් නිලධාරියා 'කොස්තාපල්', පොලිස්පතිවරයා හඳුන්වන්නේ 'ප්‍රධාන කොස්තාපල්' කියලා. (වැරදියි නම් නිවැරදි කර දුන මැනවි).
මේක හොඳ දෙයක්... කළමනාකාර සහකාරවරුන් ලෙස හැඳින්වූවාට රජයේ ආයතනවල සියලු කළමනාකරණ කටයුතු සිදුකරන්නේ මෙම නිලධාරීන් විසිනි. කළමනාකරුවන් ලෙස සේවය කරන අය වරප්‍රසාද භුක්ති විඳිමින් පුටු රත් කරනවා විතරයි.
නම වෙනස් වෙනකොට ලබාදෙන සේවයේ ගුණාත්මක බවත් වැඩිවෙනවා නම් මසුරන්...
නම කොහොම වෙනස් කළත් අවසාන ප්රථිඵලයේ නම් වෙනසක් නෑ. ගන්න පඩියට වැඩක් කරන අය රජයේ කාර්යාලවල ඉන්නෙ හරිම අතළොස්සක්..
මෙහි දක්වා තිබෙනවා ලිපිකරු සේවය කළමනාකරණ සහකාර සේවය ලෙස වෙනස්කලේ 2013දී කියලා. එය වැරදියි. ලිපිකරු සේවය, කළමනාකරණ සහකාර සේවය කලේ 2004.12.24 දින නිකුත්කළ අංක 1372/23 ගැසට් පත්‍රය මගින් හා 2004.12.30 නිකුත්කල අංක 10/2004 රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛයට අනුව 2004.01.01 සිට ක්‍රියාත්මක වන ලෙසටයි. එයින් එකල අධිපංතියට වැටුප් සකස්කලේ නැති හෙයින් පළමු පංතියේ සිටි අයටත් අධි ශ්‍රේණියේ සිටි අයටත් බරපතල වැටුප් විෂමතාවක් ඇතිකළා.
තනතුර කන්නද? මිනිස්සුන්ට ඕනේ ජීවත් වෙන්න සල්ලි.
නමට සමගාමීව රාජ්‍ය සේවය විධිමත් කිරීමට පියවර ගන්නවා නම් හොඳයි. රජයේ දෙපාර්තමේන්තුවකට යවන ලිපියකට පිළිතුරු ලබාගත හැකිවන්නේ මාස ගණනකට පසුවයි. දුරකථන ඇමතුමක් නොදුන්නොත් එයට වුණු දෙයක්වත් දැනගැනීමට නොහැක. මම මෙය දැනට අත්දැකීමෙන් දන්නා දෙයක්. මහජනතාව රජයේ දෙපාර්තමේන්තුවකට යවන ලිපියකට අඩුගණනේ මාසයක් ඇතුළතවත් පිළිතුරක් එවීමට කටයුතු සලසනවා නම් හොඳයි. තවද මෙහි දැක්වෙන අදහස් අදාල අමාත්‍යාංශයට ලැබෙන ක්‍රමවේදයක් සලසනවා නම් අදහස් දැක්වීමෙන් ප්‍රයෝජනයක් සැලසෙනු ඇත.
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවය ස්ථාපිත කරන්නේ සේවා කීයක් එකතු කරද ?ඒ ඇයි ඒ අවස්ථාවේ ඉදිරිපත් කළ කොන්දේසි මොනවද. රාජකාරි ස්වභාවය පිළිබඳ හොඳ විස්තරයක් ලබා දෙන්න