IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රජයේ කමිටුවක තීරණයක් ප්‍රසන්න නොපිළිගනී

(අංජුල මහික වීරරත්න)

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ රජයේ තීරණය නැවත සලකා බලන ලෙසට අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරන ලෙසට තමා එහිදී  ඉල්ලා සිටින බවද ප්‍රසන්න රණතුංග මහතා කීය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමණාකරණ දෙපාර්තමේන්තුව, ඉංජිනේරු සංස්ථාව, ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, බිම්බෝම්බ ඉවත් කිරීමේ මධ්‍යස්ථානය, සීමාසහිත හොටෙල් ඩිවලපර්ස් (ලංකා) සමාගම, ඕෂන් වීව් ඩිවලොප්මන්ට් ආයතන විසුරුවා හැරීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීමට රාජ්‍ය වියදම් කමිටු සමාලෝචන කමිටු වාර්තාව මගින් යෝජනා කර තිබේ.

මේ අතරින් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව දැනටමත් මුදල් අමාත්‍යංශය යටතට පවරා ඇත.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැසූයේ  නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය ඈවර කිරීම අපරාධයක් බවයි.

රාජ්‍ය වියදම් සමාලෝචන කමිටුව යෝජනා 14ක් යටතේ සැකසූ එම වාර්තාව මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබෙන බවත් එම වාර්තාව සැකසීමේ දී කමිටුව විසින් අදාල ආයතනවල අදහස් ලබා ගෙන නැති අතර විෂය බාර ඇමතිවරයා ලෙස තමන් හා රාජ්‍ය අමාත්‍යවරුන්ද මේ පිළිබදව දැනුවත් කර නැතැයි අමාත්‍යවරයා කීය. 

අදාල කමිටුවේ නිර්දේශ සම්බන්ධයෙන් අමාත්‍යාංශය එකඟ නොවන නිසා එම තීරණය යළි සමාලෝචනය කරන ලෙස කැබිනට් මණ්ඩලයෙන් හා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටීමට තීරණය කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

පාඩු ලබන රාජ්‍ය ආයතන ඈවර කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබෙන අතර එවැනි ආයතන සම්බන්ධයෙන් සොයාබලා වාර්තා කිරීමට මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මගින් රාජ්‍ය වියදම් සමාලෝචන කමිටුව පත්කර තිබුණි.



අදහස් (0)

රජයේ කමිටුවක තීරණයක් ප්‍රසන්න නොපිළිගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site