(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වූ දිනයේ සිට 2024 පෙබරවාරි මාසය දක්වා කාලයේ ශ්‍රී ලංකා රජය ඇමෙරිකා ඩොලර් මිලියන 1909.7 ක් විදේශ ණය හා පොලිය වශයෙන් ගෙවා ඇති බව ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.
ශ්‍රී ලංකා රජය 2022 ජූලි 21 දින සිට 2024 පෙබරවාරි දක්වා බහු පාර්ශවීය ණය සහ පොලිය වශයෙන් ඩොලර් මිලියන 1338.8 ක් ගෙවා ඇති අතර 2024 පෙබරවාරි දක්වා ගෙවීමට නියමිත ණය වාරික සහ පොලියේ කිසිදු හිඟ මුදලක් නැති බව ද තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට අනුව ආසියානු සංවර්ධන බැංකුවට ඇ.ඩො.මිලියන 760.1ක් සහ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවට ඇ.ඩො.මිලියන 7.0 ක්ද ගෙවා තිබෙන බවද තෙන්නකෝන් මහතා කීය.
යුරෝපීයානු ආයෝජන බැංකුවට ඇ.ඩො.මිලියන 22.3ක් සහ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික අරමුදලට ඇ.ඩො.මිලියන 17.9ක්ද, අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ EFF 23-26 වැඩසටහනට ඇ.ඩො.මිලියන 9.8ක් ද වශයෙන් ගෙවා තිබෙන බවද ඔහු සඳහන් කළේය.
නෝර්ඩියානු සංවර්ධන අරමුදලට ඇ.ඩො.මිලියන 1.7ක් ගෙවා ඇති අතර අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ ඔපෙක් අරමුදලට ඇ.ඩො.මිලියන 29.9ක් සහ ලෝක බැංකුවට ඇ.ඩො.මිලියන 489.9ක් ගෙවීමට කටයුතු කර තිබෙන බව කී තෙන්නකෝන් මහතා ඒ අනුව ඇ.ඩො.මිලියන 1,338.8ක් ණය සහ පොලිය වශයෙන් රජය විසින් ගෙවා අවසන් කර ඇති බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොළිය ගෙවලා ණය ගෙවපු ගාණට ආණ්ඩුවේ කයිවාරු කාරයින් පම්පෝරි ගහයි දැන්..
මේ ගැන රූපවාහිනී පුවත් මගින් ඇහුවා. ඒක කියපු පුද්ගලයා ජනාධිපති කාර්‍යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් කෙනෙක් වුණත් ඔහුගේ කතාව ඔහු ජනාධිපතිතුමාට ඉහළින් සිටින කෙනෙකුගේ ආකාරයක් පෙන්නුවා සාමාන්‍යයෙන් අපි අපිට වඩා ඉහළින් සිටින කෙනෙකුට සුළුවෙන් හෝ ගරුත්වයක් තියෙනවා... ඒත් මේ තැනැත්තා කිව්වේ ජනාධිපතිතුමා කියලා නොවෙයි... ජනාධිපතිවරයා කියලා තමයි..
මේ ඔක්කෝම බදු ගෙවන රටේ ජනතාව ගෙවන ඒවා...
රුපියල ශක්තිමත් වී ගෙන යන්නේ ණය වාරික නොගෙවීම නිසා බවට විපක්ෂය කියන අතර ආණ්ඩුව මෙම ප්‍රවෘත්තිය සත්‍ය නම් ඒවාට පිළිතුරු නොදෙන්නේ ඇයි?
තෙන්නකෝන් උන්නැහේ අපිට තව කොපමණ මුදලක් ගෙවන්න තියෙනවාද කියන්නකෝ... මොකද මැරෙනකොට කෝටි ගණනේ ණය බරකුත් අරගෙන යන්න බැහැ. එහෙම වුණොත් මළාට පස්සේ නිවන්සැප ලැබේවා කියන අයට වුණත් සැනසීමක් නැහැනේ...!