IMG-LOGO

රජය ඉදිකිරීම් ක්ෂේත්‍රයට කෝටි 100 ක් ණයයි

(යොහාන් භාසුර)

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කටයුතුවලින් සියයට 80 කට වඩා වැඩි ප්‍රමාණයක් තවමත් ඇනහිට ඇති බවත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආයතන නිමකළ ව්‍යාපෘති සඳහා රජය රුපියල් කෝටි 100 ක පමණ මුදල් ගෙවීමට ඇති බවත් ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති එම්. ඩී. පෝල් මහතා පැවසීය.

එම මුදල් කඩිනමින් දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව කී පෝල් මහතා අත්හිටුවා ඇති ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කරන ලෙස ආණ්ඩුවට යෝජනා කරන බව ද සඳහන් කළේය.

රට මුහුණ දුන් ආර්ථික අර්බුදයත් සමඟ 2022 වසරේ රාජ්‍ය මුදල්වලින් ආරම්භ කළ එම ව්‍යාපෘති නතර කළ බවත් ගොඩනැගිලි, මාවත් සහ ජල ව්‍යාපෘති මෙම නතර කළ ඉදිකිරීම්වලට ඇතුළත් බවත් ඒ මහතා කීය.

එම ව්‍යාපෘති අදියර තුනක් යටතේ ආරම්භ කර පළමු අදියර යටතේ තෝරාගත් අත්‍යවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නේ යැයි අමාත්‍යවරයා මීට පෙර පැවසූ බව කී පෝල් මහතා සඳහන් කළේ සාකච්ඡාවකින් එම ව්‍යාපෘති හදුනා ගැනීමට සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණ දී ඇති ගැටලු පිළිබඳව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

අත්හිටුවා ඇති අත්‍යවශ්‍ය ඉදිකිරීම් කටයුතු හැකි ඉක්මණින් ආරම්භ කළ යුතු බවත් ඒ පිළිබද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සමග සාකච්ඡා කිරීමට නියමිත අවස්ථාවක් දී ඇති බවත් පෝල් මහතා කීය. 



අදහස් (1)

රජය ඉදිකිරීම් ක්ෂේත්‍රයට කෝටි 100 ක් ණයයි

Perera Tuesday, 22 August 2023 09:24 PM

ඔයා දැන් නේ .පොඩ්ඩක් ඉන්න ඉවසලා .2048 වෙනකොට ලෝකයේ උසම ගොඩනැගිල්ලත් රනියා ලංකාවේ හදලයි වලකජ්ජ ගහන්නේ

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 343 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 683 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site