
(අංජුල මහික වීරරත්න)
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු නිවාස ව්‍යාපෘති හතරක යොෂිඩා පදනම මඟින් පවත්වාගෙන යන පෙර පාසල් සහිත භූමිය එම පදනමට පවරා තිබේ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව කලුතර මත්තේගොඩ, නුවරඑළිය කුමාරගම, හොරණ අමරගම හා නිට්ටඹුව රංපොකුණගම ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවාස ව්‍යාපෘති ආශ්‍රිතව යෝෂිඩා පදනම පෙර පාසල් පවත්වාගෙන ගිය ඉඩම් එම පදනමට පැවරූ බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මහතා පවසයි.
ඊට අදාල හිමිකම් ඔප්පු ප්‍රදානය පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරුණු බවද සභාපතිවරයා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙව්වා මොනවද දන්නේ නෑ. පස්සේ තමයි විස්තර දැනගන්න වෙන්නේ... මෙච්චර කාලයක් නොකෙරුණු දේවල් නෙමේ...!
ඕවා උඹලගේ පරම්පරාවේ බූදලේද හිතුව විදියට බෙදලා දෙන්න. අනිවාර්යෙන්ම මේක මගඩියක් කප්පම් බඩා, බටලන්දයා කවදද හොඳ වැඩක් කළේ? ඒ මදිවට කහපාට යුනිෆෝම් කාරයෙකුත් ඉන්නවා.
කොයි ආණ්ඩුව ආවත් මිනිහා ගොඩ .යොශිඩා එක පිටි පස්සෙ තියන කුඹුරු ඔක්කොම ගොඩ කරලා ඒවා දැන් විකිනිලත් ඉවරයි වගේ හිතෙන්නෙ .