(නිමල කොඩිතුවක්කු)
රටේ වැදගත්ම ආයතන එකසීය පනස් ගණනක් රාජපක්ෂවරුන් අතරේ බෙදී යද්දී රාජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනෙකු කිසිදු විෂයක් නොමැතිව පිං පඩි සහ වරප්‍රසාද ලබමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
2015ට පෙර රාජපකෂ ආණ්ඩු සමයේ කාර්යබාරයක් නොමැතිව පත්කළ ඇමැති තනතුරටම අද රාජ්‍ය අමාත්‍යවරුන් පත්ව ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මුජිබර් රහුමාන් මහතා මෙසේද කීය.
‘‘මේ නව රජය බලයට පත්වෙලා කැබිනට් මණ්ඩලයක් පත්කරලා ඒ අමාත්‍යාංශ යටතේ එන ආයතන ගැසට් කර තිබෙනවා. ඒ ආයතන දිහා බලපුවාහම ආරක්ෂක අමාත්‍යාංශය යටතට ආයතන තිස් ගණනක් පත්කරලා තියෙනවා.
අපේ යහපාලන රජය යටතේ අපි සිවිල් ආයතන, දෙපාර්තමේන්තු ලෙස පවත්වාගෙන ආ ආයතන පවා ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කරගෙන තිබෙනවා.
ඒ අනුව වෙනත් අමාත්‍යාංශ යටතේ තිබූ ආගමන විගමන දෙපාර්තමේන්තුව, ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය, රාජ්‍ය නොවන සංවිධානවල මහලේකම් ආයතනය, කාළගුණ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය ආදී ආයතන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගෙනත් තිබෙනවා.
ආයතන තිස් ගණණක් ආරක්ෂක අමාත්යාංශහය යටතට ගෙනාවත් අද වනතෙක් ආරක්ෂක අමාත්‍යවරයෙක් නැහැ. කවුද රටේ ආරක්ෂක ඇමති කියලා මේ රජය වහාම රටට හෙළි කළ යුතුයි.
19 වන සංශෝධනය අනුව ජනාධිපතිවරයාට අමාත්‍යධුර දරන්න බැහැ. ජනාධිපති රටේ සේනාධිනායකයා විදියට ඉන්නවා. එතකොට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයෙක් ඉන්නවා. නමුත් මේ ආයතන එකක්වත් එයාගේ යටතට ගැසට් කරලත් නැහැ. එයා නමට රාජ්‍ය ආරක්ෂක ඇමැති පමණයි.
ආරක්ෂක අමාත්‍යාංශය යටතට රටේ වටිනාම ආයතන ගැසට් කරලා තිබුණත් ඒවායේ වගකීම බාර ගන්නේ කවුද කියලා තවම අපට ප්‍රහේලිකාවක්. ජනාධිපති ආරක්ෂක ඇමතිද, එහෙම නැත්නම් වෙන කවුරු හරි ආරක්ෂක අමාත්‍යවරයෙක් පත් කරලා තියෙනවද? ආරක්ෂාව සම්බන්ධයෙන් වගකිවයුත්තා කවුද කියන එක පැහැදිලි කළ යුතුයි.
දැන් කැබිනට් ඇමතිවරු 16ක් ඉන්නවා. අමාත්‍යාංශ 29ක් තිබෙනවා. සමහර කැබිනට් අමාත්ය්යවරුන්ට අමාත්‍යාංශ දෙක බැගින් ගිහින් තියෙනවා. දැන් අගමැතිතුමාට අමාත්‍යාංශ තුනක් අයිති වෙනවා. එතුමගේ අයියට අමාත්‍යාංශ දෙකක් තියෙනවා. ඒ වගේ සමහර අයට අමාත්‍යාංශ දෙකයි. සමහර අයට එක අමාත්‍යාංශය බැගින් බෙදලා දීලා තියෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්නාන්සේලාගේ රජය යටතෙත් කිසිම රාජ්‍ය අමාත්‍යවරයෙක්ට මේ විදිහේ ගැසට් පත්‍රයකින් කිසිම ආයතනයක් පවරා දුන්නේ නැහැ. අපිට වැඩක් දියව් දියව් කිය කියා අදාල කැබිනට් අමාත්‍යවරයා ගාව හිඟා කාපු බවත් පස්සේ රණ්ඩු වූ බවත් අපිට මතකයි.
හැම දෙයකටම උත්තර මහා මැතිවරණයෙන් පසුව ලැබෙයි. ජනතාවට තියෙන්නේ උගත් බුද්ධිමත් අය විතරක් පාර්ලිමේන්තු යවන්න.
හරියට මේගොල්ලෝ වැඩකළා වගේ කතාව. අපේ ඇස්දෙකට නොපෙනී යන්න... පව් නොදී යන්න.
යූඇන්පීයට ගිය ඡන්දෙදී ඇඩ්රස් නැතිවෙන්න මංගලයි, රංජනුයි විතරක් නෙවෙයි... මෙයත් සෑහෙන්න හේතුවක්...
අපෝ මෙයාලගේ පාලනය කාළේ ඇමතිවරු වැඩ කරපු හැටි අපිට මතකයි.
මුස්ලිම් දමිල පක්ෂ සිංහල ජාතිය එක්ක විරුද්ධ බව මැතිවරණ සමයෙදිම කිව්වනෙ නේද. ඒ නිසා කටවල් ටික වහගෙන හිටියොත් හොදයි. නැත්තං මහමැතිවරණයෙදි ඔබතුමාලාට තිබ්බ සිංහල ඡන්ද ටිකත් කැඩේවි. දමිල මුස්ලිම් ජනතාවගෙන් අපි ඉල්ලන්නෙ ජාති භේද හදන්න ත්‍රස්ත කණ්ඩායම් පෝෂණය කරපු මේ වගේ අය එලවලා ඉමිතියාස් වගේ දූරදර්ෂී සාමකාමී මිනිස්සු ඔබලා වෙනුවෙන් පත් කරගන්න. සමගියට සාමයට අන් මතයට ගරු කිරීම නැත්තං ඒ ඉස්ලාම් විය නොහැකියි නේද. වහාබ් වාදයට විරුද්ධ වන්න
තමුන්ගේ ආණ්ඩුව තිබියදී ඔක්කොම එකතු වෙලා රට විකුණා දමන්න උත්සහ කලා. රට විනාශ කලා. බොරු කයිවාරු ගහන්න එපා. ඔයාට නම් ලබන පාර ජාතික ලැයිස්තු පිහිට විතරයි.
නිකන් කෑගහන්නේ නැතිව බලාගෙන ඉන්න. නිසි අධ්‍යාපනයක් ඇති උගත් බුද්ධිමත් අයගෙන් සැදුම්ලත් මණ්ඩලයන් මගින් ඒ ඒ කාර්යයන් ඉටුකරනු ලබන වගයි ආරංචි. ඒ අතරතුර සුපුරුදු පරිදි ඉඳ හිට කටුකන අය ඉන්නවා. ඒවා එතරම් අධ්‍යාපනයක් නැති අයට වැටහෙන්නේ නැහැ.
මෙයාට ඔය ප්‍රශ්ණ ටික අහන්න තියෙන සදාචාරාත්මක අයිතිය මොකද්ද ? ආරක්ෂක අමාත්‍යංශය ගැන කතාකරන්නේ මොනවද මෙයාලා. ඉන්නකන් රට කාල දැන් ආයෙත් ලැජ්ජා නැතුව එලියට බැහැලා. මහා මැතිවරණයේදී මෙයාට අනිවාර්යෙන්ම සලකන්න වෙනවා. අන්තවාදය වපුරන ගොඩේ මෙයා ඉදිරියෙන්ම ඉන්නවා. මතකනේ ඒ කාලේ දගලපු දැගලිල්ල. මුස්ලිම් සහෝදරයනුත් මෙයාට ඡන්දෙ දෙන්න කලින් ටිකක් හිතන්න වෙනවා. මොකද මෙයා පෙනී ඉන්නේ ඔයාල වෙනුවෙන් නෙවෙයි. අන්තවාදී කොටස් වෙනුවෙන්. අනික ඔයාලට මේවගේ අදහස් තියෙන අයත් එක්ක මේ රටේ අනාගතයක් නෑ.
රට කාලා විනාශ කරපු ඔබතුමාලා මොනවද මේ කියන්නේ... කන්න නැතත් දැන් ඉන්න රටක් තියෙනවා..
ඔයා බය නැතුව ඉන්න... අපේ ජනාධිපතිතුමා රටේත්, මහජනතාවගේත් ආරක්ෂාව ගැන සම්පූර්ණයෙන්ම වග කියනවා...
අමතකවෙලා මේ අයගේ ආණ්ඩුව කාලේ එක්කෙනෙක් යටතේ අමාත්‍යාංශය 38 තිබුන වග
මෙයාට මතක නැතිලු අර බදියුදීන්ට හොඳම ඒවායින් තොගේට දුන්නු එක එහෙම.. මෙතැනදී එහෙම එකක් මේ ගොල්ලන්ගේ කාටවත් නොදුන්න දුකද මේ?