
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඝාතනය කර පුළුස්සා දමන බවට නාඳුනන පුද්ගලයකු සිදුකරන ලද තර්ජනයක් සම්බන්ධයෙන් කොටුව පොලිසිය මගින් විමර්ශන ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඊයේ (15) පස්වරු 4 ට හා 4.09 ට එම තර්ජනාත්මක ඇමතුම් දෙක ලැබී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේ කළමනාකරණ සහකාරවරයෙක් සහ කාර්යාල කාර්ය සේවකයෙක් පැමිණිලි කර ඇත.
‘ඡන්දෙ කාලෙදි අපි තමයි සර්ට උදව් කරේ ,එයාට කොළඹට වෙලාම ඉන්න කියන ආයි මෙහේ එන්න එපා කියන්න ,ආවොත් ජීවිතයෙන් තමයි වන්දි ගෙවන්නේ වෙන්නේ‘ යැයි පවසා දුරකථනයේ විසන්ධි කර ඇති බව " කාර්යාල කාර්ය සහයකයා කරන ලද එම පැමිණිල්ලේ සඳහන් වන බව උසස් පොලිස් නිලධාරියා කීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි දේශපාලුවත් ඡන්දේ කිට්ටු වෙන කොට තමා ගමට එන්නේ. ජනතාව මතක් වෙන්නේ. එනකොට නම් එන්නේ දත් සෙට් එකම එළියට දාගෙන හිනාවෙවී වැදගෙන. උන් ඡන්දෙන් දිනුවට පස්සේ අන්තිමට අපිට උන්ගේ පස්සේ වැටී වැටී යන්ඩ වෙනවා.
ඇයි අර නඩුකාර උන්නාන්සේ කෙනකුටත් මේ වගේ තර්ජනයක් කරලා තිබුණේ
දිනන්න බැරි නිසා, ඡන්දෙට කලින් දේශපාලන රැකවරණ ඉල්ලලා යුරෝපයට පැනගන්න හේතු හැදෙනවා වගෙයි.
මස් කඩ මුදලාලි කෙනෙක්ගෙන්ද දන්නේ නැහැ ?
වැලි, පස්, ගස් පර්මිට් සහ කොන්ත්‍රාත් දෙනවා කියලා උදව් ගත්තු එකෙක් වෙන්න ඇති...!
මැතිවරණ ප්‍රචාරණ කටයුතු දැන්ම පටන් අරන්. එකත් නොමිලේම. මේ වගේ පුවත් ඉදිරියට වැහි වහිවී ජනතා අනුකම්පාව සහ මනාපය සඳහා.
බොරුවක් වෙන්න බැහැ . මේකා කරන සක්කිලි වැඩ නිසා ගමේ මිනිස්සු විතරක් නොවෙයි මේ රටේ හැම කෙනෙක්ම වාගේ මොවුන් එක්ක දැඩි වයිරයකින් පසුවෙන්නේ. එය ඉතාම සාධාරණ දෙයක්. මේගොල්ලෝ හිටියේ නොමැරෙන මිනිස්සු කියලා හිතාගෙන. තව මාස දෙක තුනකින් චන්දෙන් අනිවාර්යයෙන්ම පැරදිලා හැංගිලා ඉන්න තමයි වෙන්නේ.ආරක්ෂකයෝ නැහැ, ඩිෆෙන්ඩර් නැහැ, බල්ලෙක්වත් ගණන්ගන්නේ නැහැ, නිකම්ම බල්ලා මාක් !!! තනියම පාරේ ගියොත් ඉවරයි...කොල්ලෝ කෙල්ලෝ එකතුවෙලා සේමසිංහව සම්බෝල හදන්න බලාගෙන ඉන්නේ.
ලංගම හිතවත් පාක්ෂිකයෙකුට බොරු පොරොන්දු දුන්නහම හිතේ අමාරුවට කරන මෙවැනි තර්ජන වලටත් මුහුණ දෙන්න වෙයි
උඹලා කරන බලු වැඩ වලට ඔහොම නොවුනොත් තමයි පුදුමේ
දුටු ගැමුණු අංක2. ඔන්න කතාව මෙහෙමයි. තව ටික දවසකින් ගේ ගාව කට්ටියක් කැරකෙනවා. ඉන්පස්සේ වාහනේට ගලකින් ගහනවා. හොඳ වෙලාවට ගැමුණු 2 ට ඒක වදින්නේ නැහැ. පොලීසියෙන් ලොකු විමර්ශනයක් කරනවා. ඒක ගැන හැමතැනම මාධ්‍ය සාකච්ඡා තිය තියා කියාගෙන යනවා. අනුරාධපුර පෝට්ටුවට පණ දෙන දවසෙත් කියනවා. එන්න දැන් අපි රැවටෙමු.