
(අජන්ත කුමාර අගලකඩ)
කැබිනට් අමාත්‍යවරුන් ඔවුන් යටතේ සිටින රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ කිරීමට ඉඩ නොදෙන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ඉකුත් දා ප්‍රකාශ කර ඇත.
කැබිනට් අමාත්‍යවරුන්ගේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින්ගේ විශේෂ හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඉකුත් සදුදා පැවති අතර, ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය එම සාකච්ඡාවේදී මේ බව සඳහන් කර ඇත.
රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ කිරීමට කැබිනට් අමාත්‍යවරුන් එම අමාත්‍යාංශ වල විෂයන් බෙදා දී නොමැති බවද ඇය එහිදී ප්‍රකාශ කර ඇත.
තමාට පමණක් නොව ,ආණ්ඩුවේ සිටින රාජ්‍ය අමාත්‍යවරුන් බහුතරයකට මේ ඉරණමට මුහුණදීමට සිදුව ඇතැයි ද ඇය පවසා ඇත.
ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය එම ප්‍රකාශය කරද්දී,සංචාරක විෂය භාර කැබිනට් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද එම සාකච්ඡාවේ සිට ඇතැයි වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන අභ්‍යන්තරයේ ප්‍රශ්න මහජන මනසට බලෙන් පෙවීම තරයේ හෙලාදකිමි.
මෙයාට කරන්න පුළුවන් වැඩක් නැහැ...!
රටට දැයට සේවය කරන්න ඇමැතිවරු පොරකති. වෙනත් රටවල ඇමැතිවරු කෙල ගන්නේ කොමිස් කුට්ටියට...
එහෙනම් ජනතා මුදල් නාස්තිවීමට ඇමැතිවරු වගකිවයුතුයි නේද? එහෙම නැත්නම් කැබිනට් එකේ නායක ලෙසට ජනාධිපති රාජ්‍ය ඇමැතිලා පත්කර කරන්නේ අපරාධයක් නොවෙයි කියන්න බැහැ නේද?
ඉතින් ඔය වැඩ නැති (බැරි) රාජ්‍ය ඇමැති ටික අයින් කරලා දැම්මා නම් මේ වෙලාවේ අපට කීයක් හරි ඉතිරි කරගන්න පුළුවන් නේද?