IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


රජයේ ආර්ථික වැඩපිළිවෙළට ඉතාලි සහය

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා (Damiano Francovigh) අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (27) පැවැත්විණි.

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ නව රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළට ඉතාලි රජයේ සහාය ලබා දෙන බව තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ සංචාරක, වරාය සහ ආයෝජන ක්ෂේත්‍ර සඳහා ඉතාලි රජයෙන් ලබා දිය හැකි සහාය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ඉතාලි රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ වීසා ගැටලු කඩිනමින් නිරාකරණය කිරීමට අපේක්ෂා කරන බවද ඉතාලි තානාපතිවරයා පැවසීය.

ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට  සහ ඉතාලියේ රැකියා අපේක්ෂිත ශ්‍රී ලංකිකයින්ට නීත්‍යානුකූල රැකියා අවස්ථා සඳහා පහසුකම් සැලසීමට දැනට සකස් කර ඇති ගිවිසුම්වලට ශ්‍රී ලංකා රජය සහාය දක්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පැවසීය.

ජනාධිපති  ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.



අදහස් (2)

රජයේ ආර්ථික වැඩපිළිවෙළට ඉතාලි සහය

පිටිගල මිලානෝ Thursday, 27 February 2025 05:49 PM

ඉතාලියේ විදේශිකයින් සඳහා විවෘත රැකියා අවස්ථා පිළිබඳව, විවිධ ක්ෂේත්‍රයන්හි අවස්ථා තිබේ. ශ්‍රී ලාංකිකයින්ට මෙම රැකියා සඳහා යොමුවීමට, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් පහසුකම් සලසා ඇත. විදේශ රැකියා සඳහා අදාළ තොරතුරු සහ උපදෙස් ලබා ගැනීමට, විදේශ සේවා කාර්යාංශ වෙබ් අඩවියට පිවිසීම ප්‍රයෝජනවත් වේ. විදේශ සේවා කාර්යාලය මඟින් විදේශ රැකියා සඳහා අවශ්‍ය පුහුණුව, සහාය සහ නියාමනය කිරීම සිදු කරයි. විදේශ රැකියා අපේක්ෂකයින් වි සේ කාර්යාංශය වෙත ලියාපදිංචි වී, අවශ්‍ය උපදෙස් සහ ආරක්ෂාව ලබා ගත යුතුයි...

:       0       3

පිටිගල මිලානෝ Thursday, 27 February 2025 05:53 PM

ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර ව්‍යාපාරික සහ ආයෝජන සබඳතා වර්ධනය කිරීම සඳහා පහත ක්‍රියාමාර්ග ගත හැක: 1. ව්‍යාපාරික සහ ආයෝජන සමුළු සංවිධානය කිරීම: ඉතාලි සහ ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගම් සහ කාර්යාලයන් එක්ව සමුළු, සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන සංවිධානය කිරීමෙන්, දෙරටේ ව්‍යාපාරිකයින් අතර සම්බන්ධතා වර්ධනය කර ගත හැක. 2. ව්‍යාපාරික තාක්ෂණ හුවමාරු වැඩසටහන්: ඉතාලියේ උසස් තාක්ෂණය සහ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අවශ්‍යතා එකට ගැළපෙන පරිදි තාක්ෂණ හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන්, දෙරටටම ප්‍රයෝජන ලබා ගත හැක. 3. ආයෝජන ප්‍රවර්ධන වැඩසටහන්: ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සහ ඉතාලි ආයෝජකයින් අතර සම්බන්ධතා වර්ධනය කිරීමෙන්, ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳ අවබෝධය වැඩි කර ගත හැකිය. මේ දක්වා හිටපු කිසිම තානාපති කෙනෙක් ඉහත කිසිම දෙයකින් දශමයක් වත් කර නැත. ඉතාලියෙන් දැන්වත් ප්‍රයෝජනයක් ගමු.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 809 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2454 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site