
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රජයේ ආයතන තවත් හතරක ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් ) හා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝපා ) හමුවට ලබන සතියේ කැඳවීමට නියමිතය.
මේ අනුව කොළඹ මහ නගර සභාවේ ප්‍රධානීන් ලබන 22 වැනිදාත් සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ලබන 23 වැනිදාත් කෝපා කමිටුව හමුවට කැදවෙනු ඇත.
මේ අතර රාජ්‍ය උකස් හා ආයෝජන ආයෝජන බැංකුවේ ප්‍රධානීන් ලබන 23 වැනිදාත් පුනර්ජනනීය බලශක්ති සේවාවන්හි ප්‍රධානීන් ලබන 24 වැනිදාත් කෝප් කමිටුව හමුවට කැදවෙන බව එම කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
රාජ්‍ය ආයතන තුනක ප්‍රධානීහු කෝප් කමිටුව හමුවට පසුගිය සතියේදී කැඳවනු ලැබූහ.
භූ විද්‍ය හා පතල් කාර්යාංශය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඉකුත් සතියේ එසේ කැඳවනු ලැබූ ආයතන හතර වේ.
මේ අතර රාජ්‍ය ව්‍යාපාර 12 කට අදාළ විමර්ශන ඇතුළත් කෝප් කාරක සභාවේ පළමුවෙනි වාර්තාව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය වෙළඳාම ඒකත් ගෙනල්ලා බලන්න .හොර ගුහාවක් .