(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ඇතුළු ආයතන හතක් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පත්කළ ඒකකයේ නිලධාරීහු ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම් දුන්හ.
හෝටල් සංවර්ධන සංස්ථාව, කැන්විල් හෝල්ඩින්ග්ස් සමාගම, ලිට්‍රෝ ගෑස් සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් සමාගම සහ ලංකා හොස්පිට්ල් සමාගම ම ප්‍රතිව්‍යුහගතකරණයට ක්‍රියාමාර්ග ගනිමින් සිටින සෙසු ආයතන බව එම කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා පැවසීය.
මෙම ආයතනවල අයිතිය රජයෙන් ස්වාධීන කර ලන්සු කැඳවා පෞද්ගලික අංශයේ දේශීය හා විදේශීය ආයෝජකයන්ට ලබා දෙන බවද එම නිලධාරීහු දැනුම් දුන්හ.
රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට එල්ල විය හැකි බලපෑම සම්බන්ධයෙන් සාමාජික මන්ත්‍රීවරු එම ඒකකයේ නිලධාරීන්ගෙන් මෙහිදී ප්‍රශ්න කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම ප්‍රයිවට් වෙයි වගේ
රටක් සංවර්ධනය වෙන්න නම්. ඒක තමයි කරන්න ඕනෑ...
ඉක්මනින් කරමු. අනුර අයියාත් ඉන්දියාවට පොරොන්දු වුණානේ....!