(දයාසීලි ලියනගේ)
ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන කිහිපයක ඉහළ නිලධාරීන් ලබන වැටුප් පිළිබඳව සමාලෝචනයක් කරන ලෙස විගණකාධිපති වාර්තා මගින් මුදල් අමාත්‍යාංශයට පෙන්වා දී ඇත.
විදුලිබල මණ්ඩලය, ලිට්රෝ ආයතනය, වරාය අධිකාරිය, ටෙලිකොම් ආයතනය ඇතුළු ආයතන ගණනාවක ඉහළ නිලධාරීන් බොහොම දෙනකු අසාමාන්‍ය වැටුප් ලබන බව විගණන වාර්තා අනාවරණය කර ඇත.
මේවායේ බොහොමයක් වෘත්තිය සමිති සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් හිතුමතේ ගිවිසුම්වලට එළැඹී සිටින බවට විගනන වාර්තා පෙන්වා දෙයි.
මෙම අසාමාන්‍ය වැටුප් ගෙවීම් රාජ්‍ය සේවයේ නෙයකුත් සේවක වැටුප් සමඟ අසමතුලිත භාවයක් ගෙන දී ඇති අතර අදාළ ආයතනවල පාඩු ලැබීමට හේතු වී ඇති බව ද මුදල් අමාත්‍යාංශයට පෙන්වා දී ඇත.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රජයේ ආයතන රැසක ලොක්කන්ගේ වැටුප් ගැන සොයයි
sampath Tuesday, 18 October 2022 10:14 PM
මේවා පුද්ගලීකරණය කලානම් ලෙහෙසියිනේ ඔය කාලය නාස්ති නොකර වැටුප ප්‍රශ්නය ඵලදායිතාවයයි.
"අනේ මගේ මසුරන් අත්සන" Tuesday, 18 October 2022 10:31 PM
මේ ලොක්කෝ කරල තියෙන වැඩ ගමේ පාසලක් ලඟට ගිහිල්ලා බලන්නකෝ ඒ පාසල නිමාවෙන වෙලාවට ඒ ලමයි විඳින අපා දුක..! බොන්න වතුර නැතිව කිලෝ මීටර් ගනන් පයින් යන හැටි..! ඔය අත්සනක් විතරක් ගහලා ගන්න වැටුප හා දීමනා වලට පුලුවනි ගමේ ඉස්කෝලයක අඩුපාඩු සපුරාලන්න..!!
Res Tuesday, 18 October 2022 10:50 PM
මය අායතනවල මුදල් ලොක්කන්ගෙ වැටුප් හොයන්න. එයාල වගකිවයුතුයි.
sg Tuesday, 18 October 2022 11:43 PM
කාලෝචිත අවශ්‍යතාවය.
kasun Wednesday, 19 October 2022 06:57 AM
බොහොම හොඳයි. විය යුතු දෙයක්. ඒවගේම කවුරුත් කතා නොවෙන සෞඛය අංශය ගැනත් සෙවිය යුතුයි. ඇඟිලි සලකුනු තියා පොතකවත් පැමිණීම සටහන් නොකර, ලක්ෂගනන් අතිකාල ගන්න, අමුතු සේවා මුර කියල දින 10 ක්වත් වැඩට එන්නෙ නැති ඒවත් සොයල බලනවන්ම් මේ රට හදන්න පුලුවන්.
පුරවැසියෙක්.... Wednesday, 19 October 2022 09:11 AM
මීට ශ්‍රී ලංකන් ආයතනයද ඇතුලත් විය යුතුය. බොහෝ ආයතනවල හිතු මතේ වැටුප් ගෙවීමද ආයතන පාඩු ලැබීමට හේතු වී ඇත. තවද පාඩු ලබන රාජ්‍ය ආයතනවල බෝනස් ගෙවීමක්ද පවතින බැවින් මේ සම්බන්ධයෙන්ද සොයා බැලීමක් විය යුතුය. ( සියලුම රාජ්‍ය ආයතන සදහා එකම වැටුප් ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතු අතර ලාභ ලබන ආයතන සදහා බෝනස් ගෙවීම උචිත වනු ඇත. ඒ ඒ ආයතන වෙනුවෙන්නි නිශ්චිත කාල රාමු තුල වැටුප් වැඩි කිරීම අත්හිටුවිය යුතුය. තවද විදුලි බල මණ්ඩලය මගින් උපයන විට බදු ගෙවීම වැනි තත්ත්වයන් නතර කොට මෙතෙක් කල් මණ්ඩලයෙන් ගෙවූ මුදල් අයකර ගැනීමටත් , ඒ සදහා අනුමැතිය ලබා දීම සිදු කළ ප්‍රධානීන්ට දඩුවම් කිරීමද උචිතය.)
සුරංග Wednesday, 19 October 2022 06:32 PM
රජයේ භාණ්ඩාගාරයෙන් මේ ආයතන සඳහා මුදල් ගෙවනවා නම් රජය විසින් එක් එක් තනතුර සඳහා ඔවුනොවුන් ලබාඇති සුදුසුකම් මත වැටුප් තීරණය කිරීම කළ යුතුයි.. මොකද සියලු රජයේ නිලධාරින් හා සේවකයින් කරන්නේ රටට සේවයක් නිසා...