
(සුජිත් හේවාජුලිගේ )
ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ මොහාන් ද සිල්වා යන මහත්වරුද නව රාජ්‍ය ඇමැතිවරුන් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති මන්දිරයේදී අද (8) දිවුරුම් දුන්හ.
දෙදෙනා නව රාජ්‍ය ඇමතිවරුන් ලෙස දිවුරුම් දුන්නේ ඔවුන්ගේ අමාත්‍යාංශවලට අදාළ විෂය පථයන් වෙනස් කර ඇති නිසාය.
මේ අනුව ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ බී හා ධාන්‍ය කාබනික ආහාර ,එළවළු ,පලතුරු ,මිරිස් , ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය ඇමැතිවරයා ලෙස ද මොහාන් ද සිල්වා මහතා වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙස ලෙසද මෙසේ දිවුරුම් දුන්හ.
මේ අවස්ථාවට ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතාද සහභාගී විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ, හරිම ලස්සනයි... පවුලේ අය බෙදා හදාගෙන කන හැටි...!!!
රාජ්පක්ෂ ඇන්ඩ් කම්පැනි ප්‍රයිවෙට් ලිමිටඩ්....
අම්මෝ රාජපක්ෂ වරුන්ට හොඳ හොඳ දේවල් අරගන්නවනේ...
එපා වාහෙට හොදි බෙදනවා....
පුෂ්පා රාජපක්ෂට විරුද්ධව උසාවි වරෙන්තුවක් තියෙනවා ලංකාවට ආවොත් අත්අඩංගුවට ගන්න. ඔය අපූරුවට ඇවිත් ඉන්නේ.. කෝ වරෙන්තුව?
සෞභාග්‍යයේ දැක්ම..!!!
කොහේ හරි මෙවගේ විද්‍යාත්මක ඇමැතිකමත් තියනවනම් කියන්න
බාප්පලා, අයියලා, මල්ලිලා තම පවුලට අයිති රාජ්‍යයේ කොටස් බෙදාගන්න. හරි අපූරුයි, සුන්දරයි බලා ඉන්න අපිට...!!!
මේ අයට හෙණ හත ගහලත් මදිනේ...
මම කිව්වා ගෝඨාභයට බැහැ කියල. ප්‍රාදේශීය සභාවකවත් හිටියේ නැහැනේ. මම කියපුවා දැන් හරි ගිහින්නෙ තියෙන්නේ - කුමාර වෙල්ගම