(හිරාන් ප්‍රියංකර ජයසිංහ, ලලිත් නවරත්න  සහ හේමලතා ඩි. හේවගේ)

හදිසි අනතුරකින් මරණයට පත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාගේ දේහය කොළඹ පුද්ගලික මල් ශාලවක සිට ආරච්චිකට්ටුව නිවස පිහිටි ස්ථානයට  අද සවස රැගෙන ආහ.

එම දේහය කොළඹ මල් ශාලවක සිට පුත්තලම කොළඹ ප්‍රධාන මාර්ගයෙ රිය පෙරහැරකින් රැගෙන විත් ඉන් අනතුරුව නැවත තෝප්පුව පාලම ආසන්නයෙදී පුත්තලම දිස්ත්‍රික් ජනතාව විසින් භාර ගෙන ආරච්චිකට්ටුව නිවෙස පිහිටි ස්ථානයකට රැගෙන විත් තාවකලික කුඩාරමක තැම්පත් කිරීම සිදුවිනි.

ඔවුන්ගේ නිවෙස ඉකුත් අරගලය සමයේ ගිනි තබා විනාශ කිරීම නිසා ඇමතිවරයාගේ දේහය තාවකාලික කුඩාරමක තැම්පත් කිරීමට සිදු විය.

රාජ්‍ය ඇමතිවරයා ගමන් ගනිමින් තිබු සුඛෝපභෝගි මෝටර් රථය කොළඹ කටුනායක අධිවේගි මාර්ගයෙදි 25 දින අලුයම අනතුරට ලක්වි රාජ්‍ය අමාත්‍යවරයා  හා ආරක්ෂාවට සිටි පොලිස් නිළධාරීයකු ජීවිතක්ෂයට පත්විනි.

මෙලෙස ජීවිතක්ෂයට පත්වු ඇමතිවරයාගෙ දේහය කොළඹ සිට පුත්තලම දිස්ත්‍රික්කයෙ ජනතාවට අවසන් ගෞරව දැක්විම සදහා ආරච්කට්ටුවට රැගෙන ඒම සිදුවිය. කොළඹ සිට ආරච්චිකට්ටුව දක්වා රැගෙන එන අතර තුර අතර මඟ රැස්ව සිටි පිරිස් ඔහුට අවසන් ගෞවරය දැක්වූහ.

හේමලතා ඩි.හේවගේ