(නිමල කොඩිතුවක්කු)
රට මෙතරම් ප්‍රපාතයකට ඇද දැමුවේ රාජපක්ෂ පාලනය බවත්, ඒ රාජපක්ෂලාගේ කුණු අදින කුණු ලොරි බවට සමගි ජනබලවේගයේ කිසිවකු පත් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
අද මුළු රටම ආර්ථික සමාජ දේශපාලනික ඛේදවාචකයකට ලක්ව ඇති බවත්,ඊට හේතුව 2019 සහ 2020 මැතිවරණ දෙකකදී ජනතාව විසින් හරි පාර වෙනුවට වැරදි පාර උරා ගැනීමේ හේතුව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රක්වාන සමගි ජනබලවේගයේ සංවිධායක බී.කේ ආරියවංශ මහතා සංවිධානය කරනු ලැබූ ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව කීවේය.
බංකොලොත් වී ඇති රට තුළ දැන් සිදුවෙමින් පවතින අලුත්ම විජ්ජාව වන්නේ සර්වපාක්ෂික ආණ්ඩු ගුණ්ඩුව බවත් රටට අවශ්‍ය වන්නේ ඇමති වරදාන පළඳවා ගනිමින් තනතුරු පිටුපස යන රටක් නොවන බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.
දැන් වහාම සිදු කළ යුත්තේ මැතිවරණයක් පවත්වා ජනතා තීන්දුව විමසීම බැවින් ඉන් මෙහා විසඳුමක් නැතැයිද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ආචාරය...!
මේ වනවිට ඕනෑවටත් වඩා ඔප්පු වී ඇති ඔබතුමාගෙි නොහැකියාව, ප්‍රශ්නවලට මුහුණ දීමට බිය වීම, කය්වාරැ ගැසීම වැකි අගතීන් රාජපක්ෂලාට බැණ වැදීම හරහා නැති කරගත නොහැක.
පේමදාසලාගේ කුණු අදින ලොරි බවට ද සජබ පත් නොවිය යුතුය.
කවුරුවත් කාගෙවත් කුනු අදින එක නතර කරන්න තමා පහුගිය කාලෙ පොදුජනයා පුල පුලා කිවුවෙ.
තමන්ට තමන්ගේ ආත්ම ශක්තිය ගැනවත් විශ්වාස නැති කෙනා. පක්ෂයේ අනිත් අය ගැන කියනවා...!
රනිල් හදන්නේ කනත්තේ ඉන්න අය හරි නැගිට්ටවලා අරගෙන ... බලේ එල්ලිලා ඉන්නයි.. ලැජ්ජයි..
බලමු නේද. ඉතින් ඕකත් කතාවක් විතරක්ම වෙයිද දන්නේ නෑ. අර අරගල රැලියට එනවා කියලා රෝහල්ගත උනා වගේ නෙමෙයි නේද.
අයියෝ අර ඔයා ළඟ හිටපු ප්‍රධාන ගෝලබාලයා දෙන්නනේ... දැන් ලොකුම කුණු ලොරි දෙක බවට පත්වෙලා තියෙන්නේ කුණු ලොරි එළවන්න යන්න ඔය ළඟ තව කට්ටිය ඉන්නවලු.
අනිවාර්යයෙන්ම ඡන්දයකට යන්න. එතකොට කාගෙ කාගෙත් තත්වෙ බලාගන්න පුළුවන් වෙයි.
මෙයා හිතාගෙන ඉන්නෙ ඩලස් කියන්නෙ පිටසක්වල ජීවියෙක් කියලද දන්නෙ නෑ
රාජපක්ෂලාගේ කුණුවලින් ලංකාව වැහිලා කුණුවෙනවා. ඒ කුණු මොන ලොරියේ හෝ ඇදලා රට තවතවත් කුණුවීම වළක්වා ගන්න ඕනෑ. එහෙම නොකළොත් ඇතිවිය හැකි වයිරස නිසා රටම ලෙහෙසියෙන් බේරගන්න බැරිවේවි.. රටේ සුළු හෝ මොළයක් තියෙන බොහෝ පිරිසක් තවමත් විශ්වාස කරන්නේ ඔබේ පියා ලලිත් ගාමිණී ඉවත්නොකර පාලනය ගෙන ගියා නම් මේ රට දැනට දියුණු රටක් වෙන්න තිබුණා කියලා.. අපි නම් ඔහොම කට්ටි පැනලා මේ රට තවත් අගාධයකට දමනවාට කැමැති නැහැ..
රටේ ජනතාව ඔහේලගේ කුණු අදින්නෙත් නැහැ. එකත් මතක තියාගන්න ලබන චන්දෙදීත් ඕගොල්ලෝ කුණු ගොඩටම තමයි.