
(ඩයනා උදයංගනී)
මේ අවස්ථාවේ රටට ඇතිවී තියෙන ප්‍රශ්නයට යුක්ති සහගත විසඳුම වන්නේ බැසිල් මහතා පමණක් නොව මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, නිපුණ රණවක යන රාජපක්‍ෂ පවුලේ මේ සියලු දෙනා පාර්ලිමේන්තුවෙන් හා දේශපාලනයෙන් ඉවත්වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
රට මේ තත්වයට වට්ටවා යළිත් 1960 යුගයට රැගෙන ගොස් ජනතාව නැවත පයින්, බයිසිකලෙන් යන, හරකුන්ගෙන් කුඹුරු හාන හා විදුලිය නැති තත්වයට පත්කළේ මෙම මේ පවුල බව කී මන්ත්‍රීවරයා ඔවුන් රට 1960 යුගයට රැගෙන යන අතර, තමන්ට 2300 වසර දක්වා අවශ්‍ය ධනය උපයාගෙන ඇතැයි ද සඳහන් කළේය.
බැසිල් රාජපක්‍ෂ මහතා සද්භාවයෙන් ඉවත් වී තම රටට යනවා නම්, එය මෙරටට ලොකු උදව්වක් යැයි ද පාඨලී චම්පික රණවක මහතා කීවේය.
ඔහු මේ බව පැවසුවේ නාරාහේන්පිට 43 වැනි සේනාංක කාර්යාලයේදී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
සර්වපාක්‍ෂික හෝ අන්තර්කාලීන නොවන සැලූන් දොරක් මෙන් විවෘත හා රාජපක්‍ෂවරුන් අතේ දුරස්ථ පාලකය තිබෙන මේ ආණ්ඩුවට දායකවීමේ කිසිඳු අදහසක් තමන්ට නැතැයි කී මන්ත්‍රීවරයා සර්ව පාක්ෂික අන්තර්කාලීන හා මැතිවරණයක් පවත්වන තෙක් කාල සටහනක් ඇති ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එවැන්නක ඕනෑම වගකීමක් දරන්නට සූදානම් බව ද පැවසීය.
බොහෝ අවස්ථාවල තීරණ ගත්තේ රට ගැන මිස පුද්ගලික වාසි බලාගෙන නොවන බැවින් තමන්ට තානාන්තර ගැන ගැටලුවක් නැතැයි හෙතෙම කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1960 රට දැනට වඩා හොඳයි. 1960 විනිමය අනුපාතය බ්‍රිතාන්ය පවුමට රුපියල් 3යි.
ඒක රටේ ජනතාවට අයිති කාරණයක්. පාර්ලිමෙන්තුවෙන් ඔබත් ඇතුළුව 225ම ඉවත් කරන්න කියලා රටේ ජනතාව කියන්නේ.