(විමුක්ති එස් රුද්‍රිගු)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ හිතවතුන් අත් අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කළ යුතු බව බ්‍රිතාන්‍ය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ශ්‍රීමත් එඩ් ඩේවි මහතා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.
රාජපක්ෂ පාලනයේ දුෂණ වංචා,බදු කප්පාදුව,ආරක්ෂක වියදම අහස උසට නැගීම සහ පමණ ඉක්මවූ පොලිස් බලතල හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි බ්‍රිතාන්‍ය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී ශ්‍රීමත් එඩ් ඩේවි මහතා ප්‍රකාශ කළේය.බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක්වී ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදීන්ට සහායවීමට පූර්ණ ආර්ථික සහ දේශපාලන විසඳුමක් ලබා දීම සඳහා කටයුතු කළ යුතු බව ශ්‍රීමත් එඩ් ඩේවි මහතා පැවසුවේය.
බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙක් ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ එක්වී ශ්‍රී ලංකාවට ඉක්මණින් ආර්ථික පැකේජයක් ලබා දීමට කටයුතු කළ යුතු බවත් එයට දේශපාලන පැකේජයක් ඇතුළත් විය යුතු බවත් එයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ හිතවතුන් අත් අඩංගුවට ගන්නා ජාත්‍යන්තර වරෙන්තුවක්ද ඇතුළත් විය යුතු බවත් ශ්‍රීමත් එඩ් ඩේවි මහතා ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ට වරෙන්තු නිකුත් කරන්න කලින් ඔබලගේ රටේ අයට සීතල කාලේ මැරෙන්න කලින් රුසියාවෙන් ණයට හරි ගෑස් ටිකක් ඉල්ලා ගන්න..
කොහොමද ඩයස්පෝරාව සුද්දව බිලි බාගත්තු හැටි...! එංගලන්තයේ ප්‍රශ්ණ නැතුවාටද..? සුද්දන් ගැනවත් නොහිතන අවස්ථාවාදී සුද්දෙක්... අර 'පැතුම් කර්නර්ගේ' කියන අරගලකාරයා එංගලන්තයේ පදිංචි පැත්තේ ඉන්න සුද්දෙක්නේ මෙයා!
දැන් සනීපද?
එක පවුලක බල තණ්හාව වෙනුවෙන් කෝටි 2ක ජනතාව බිල්ලට දෙන්න බෑ තවත්. ලංකාවේ ලොවෙත් නීතියක් ඉෂ්ඨ නොවෙන එකේ ඔන්න ඔය කට්ටිය ජාත්‍යන්තරෙන්වත් අල්ල ගනිල්ලා...
බළලා මල්ලෙන් එළියට පනිමින් ඇත. මෙය හුදෙක් නිර්පාක්ෂික හෝ නිර්දේශපාලන අරගලයක් නොවන බවට ඇති අදහස නිවැරදි බව පෙනේ.
අපේ රට කාලා කාලා ගිහින් මදිවට දැන් එනවා අපේ මගුල් කියවන්න. තව ටික දවසකින් LTTE අයත් කියයි ඕකම...!
අපේ රටේ ඉන්න කුහකයෝ නම් ඒකටත් කැමැති වෙයි...
මෙන්න ලංකාවේ අරගලය සහ කොටි ඩයස්පෝරාව අතර පාලම කතාකරයි...
ඉරාකයට, ලිබියාවට කරපු හානිය ඒ කරපු අය ඉස්සෙල්ලා අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරන්න.
යහපත් මනුස්සයෙක් විදිහට ධාර්මිෂ්ඨව රට පාලනය කළානම් ගොවීන් අමාරුවේ දාලා ර බංකොළොත් කරලා මිනිස්සු පාරට ඇදලා දැම්මේ නැතිනම් ඔය කරදර මුකුත් නෑ.
කට කතාවට වංචා දූෂණ කියලා හරියන්නේ නැහැ කියලා එයාලත් දන්නවා. රාජපක්ෂ පවුලට තවම ඒ සම්බන්ධ කිසිඳු නඩුවක් නැහැ. ඉස්සර වෙලා නඩු දාන්න. පස්සේ වරෙන්තු ඉල්ලන්නේ...
එක එක්කෙනාට මේ විදිහට අපේ රටට ඇඟිල්ල ගහන්න ඉඩ සැලැස්සුවේත් රාජපක්ෂලාගේ කෙරුවාවම තමයි.
අරගලය යට ඉන්නේ කවුද කියලා දැනුයි තේරුණේ. ආයේ නම් පැත්ත පළාතේ යන්නේ නෑ.
බළලා මල්ලෙන් එළියට පැන ඇත. සිංහල බෞද්ධයින් අරගලයට දැක්වීම සුද්දගේ දක්ෂකමද, නැත්නම් සිංහල බෞද්ධයාගේ මෝඩකමද? කොහොම වුණත් අඩුවැඩි වශයෙන් රාජපක්ෂලත් මේ ගැන වගකිව යුතුයි...
රටේ සේසතම හොරකම් කොට, නෙළුම් කුළුණ, නැව් එන්නේ නැති වරාය, ප්ලේන් නොඑන ගුවන් තොටුපළ ආදිය ඉදිකොට, තමන් වටේ සිටි නෑයින්ට හා හිතවතුන්ට රටම හොරාකෑමට ඉඩදුන් දූෂිත රාජපක්ෂවරුන් හා හෙංචයියන් අත්අඩංගුවට ගෙන හොරාකෑ දේ නැවත අපේ රටට ලබාදීමට ජාත්‍යන්තරය ඉදිරිපත් වීම සතුටට කරුණක්... රටම බංකොළොත් කළ දූෂිත හොරුන් අල්ලා ගන්න උදව් කරණා විට එයට විරුද්ධ ඇතැම් හෙන්චයියන්ගේ විරුද්ධ වීම සදාචාර සම්පන්න නොවන බව අපි දනිමු. පිටරටවල සිටිනා අපේ මිනිසුනි, ඔබ සැමගේ සහායත් මේ සඳහා ලැබදෙන්න...!
මොන වැරැද්දටද සුද්දෝ ගෝඨාභය අත්අඩංගුවට ගන්නේ? බොල සුද්දෝ රටක ආර්ථිකය රඳා පවතින්නේ පඩියෙන් ජීවත් වෙන මිනිස්සුන්ගෙන්ද? රටේ ව්‍යාපාර වැඩිදියුණු වීමෙන්ද? අනවශ්‍ය ලෙස බදු ගැසුවොත් බදුබර යන්නේ කාටද? අඩු කරන සෑම බදුබරකින්ම ජනතාවට සහන ලැබෙන්නේ නැත. සමහර ආයතනවල ඔවුන්ගේ සේවාවල අයකිරීම මෙපමණයි. වැට් බදු මෙපමණයි කියා පෙන්වනවා. එවිට වැට් බද්දේ අඩුවීම සේවා ලාභියාට ලැබෙනවා. නමුත් බදුබර වැඩි වුණෙත් ව්‍යාපාර ගෙනයාමට බැරිවී ව්‍යාපාර වැසෙනවා. එතකොට පඩියෙන් ජීවත් වුණු ගොයියා ගෙදර. පාරට ජාත්‍යන්තර සහාය දෙන්න ජෙප්පන්, පෙරෙට්ටන්, කුරුට්ටන් පන්නා දමන්න.