
(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික විරරත්න )
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ මහතා ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කමිටුවේ සභාපති ලෙසත් පත් කරනු ලැබ සිටිති.
මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ, පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති ලෙස පත්වීමට ලැබීම ගෞරවයක් බවයි.
ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පත් කරනු ලැබ සිටී. ඔහු රාජ්‍ය පරිපාලනය, විගණනය ආයතන සංග්‍රහය, මුදල් රෙගුලාසි, රාජ්‍ය මූල්‍ය, රාජ්‍ය ආදායම් කළමනාකරණය සම්බන්ධයෙන් වසර විසිපහකට ආසන්න පළපුරුද්දක් සහිත වෘත්තිකයෙකි.
මේ අතර බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවේ සභාපති ලෙස නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාද , භාණ්ඩ හා සේවා අපනයනය ඉහළ නැංවීම සම්බන්ධ ආංශික අධික්ෂණ කාරක සභාවේ සභාපති ලෙස බුද්ධික පතිරණ මහතාද පත් කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යටකලිසමත් නැතුව පාරේ දුවන්න බොහෝම ළඟයි...
බලාගෙන. හයියෙන් අල්ලා ගන්න ඔය ගෞරවය... ළඟදීම... මයිනා දුන්නු පත්විම් සේරම අහොසි වෙයි. යන්නන් වාලේ පාසල් ගියා මිසක්. ඇටිකුකුලෝ තුන්දෙනාට ඉගෙනීම් තියෙනවද? ඒ වුණාට ඉඳගන්නේ ලොකු පුටුවල... නුඹලාට ඔය ලොකු පුටුදෙන ඔවුන්... නුඹලාටත් වැඩිය ගොබ්බයින්. ගොබ්බ රැල නිසානේ අද රට හිඟාකන්නේ. ඒකනේ ලැජ්ජාව කියන දේ දන්නේ නැත්තේ...
නියම ජෝඩුව. ලොකු තාත්තා තිස්සමහාරාමේ පොලිසියේ ට්‍රැෆික් රාලහාමි කාලේ ගංජා ලොරි වලින් හොඳට කප්පම් ගත්තා. පුතා ගැන කවුරුත් දන්නවනේ... හොර පෙරකදෝරුවා කිව්වාම. දැන් ඉතින් මේ ලබලා තියෙන්නේ මොවුන්ගේ බහින කලාවයි...
මේ අයට දෙන්න තිබුනේ හොරකම්, වන්චා, දූෂණ පිළිබඳව සභාපතිකම්... හොර පෙරකදෝරුවා ඒ වගේ තනතුරකට තමා සුදුසු.. දූෂිත පවුල් පාලනේ ඔවුන්ට කොහේද ආචාර ධර්ම ගැන දැනුමක්.? රටම හොරාකාලා විනාශ කරපු දූෂිත බලලෝභියෝ?
කකුළුවෝ ප්‍රීතියෙන් නටත් පිරිසිදු සිසිල් පැන් මුට්ටියේ...!
ජවිපෙය හෝ සජබය අදහන අන්ධ භක්තික දායක වහලුන්ගේ ඉරිසියාකාර, වෛරී අදහස් කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ යනු හැකියාව ඇති තරුණ දේශපාලනඥයෙකි.
ඡන්ද තියන්නේ නැතිව ඉතුරු කරගන්න සල්ලිවලට වෙන්න යන දේ හිතාගන්න පුළුවන්නේ....
මේ තනතුරු දෙන්ඩ වෙන කෙනෙක් හිටියෙම නැද්ද.? රටම හොරාකාලා විනාශ කරපු දූෂිත පවුල් පාලනේ උන්ට සබාපතිකම් දුන්නේ මොලේ හොන්ද නැති එවුන් වෙන්ඩැ .මේවට දෙකොනින්ම හිනා යනවා .
මෙන්න මේ හොරකම් කරපු රජ පැටවුන්ට ආතක් පාතක් නැතිවෙන හින්දා තමයි ඡන්ද නොපවත්වන්නේ. මොවුන්ට මේ හොර ආණ්ඩුව තියනකම් හොඳයි. දැන් ඉන්න ජනාධිපතිගේ ඩිල්එක හොර තක්කඩියට වයස හරි යනකම් බලයේ රැඳී සිටීමයි. ඡන්ද නොතියන්නේ මුදල් නැති නිසා නොවේ. පරදිනවාට බයේ. මහනුවර වැඩකට නැති පෙරහැරක් තියාගෙන ලාංඡනයට වැඳගෙන හිටපු ජනාධිපතිට ඒ පෙරහැරට කෝටි ගාණක් වියදම් කරන්න මුදල් ලබාගත්තේ කොහොමද? දැන් මට කියයි ජෙප්පෙක් කියලා. අපෝ නෑ. නමුත් සාධාරණව හිතන කෙනෙක්...
පුටු දෙකෙන් මේ අයව උස්සලා පොළවේ ගහන්න ඕනෑ.. පරයින්..
මුල් පුටු නෙවෙයි, බංකුවක් දුන්නත් ගනියි.
මේවාට පුදුම වෙන්න දෙයක් නැහැ.. පිනා ආවේ රාජපක්ෂලාව ගොඩදාන්න තමයි...
මන්ද බුද්ධිකයින්ට විලිලැජ්ජාවක් නැති බව නොදන්නේද...?
මේවා දාන්න දෙයියෝ සාක්කි එකේ... කාලකණ්ණි එකතු වෙලා රට කෑවා...
තවමත් රනිල් වන්දනාවේ යන අපතයින් තේරුම් ගත්තොත් හොඳයි. රනිල් කියන්නේ රාජපක්ෂගේ රූකඩයක් විතරයි කියලා... බොහොමයක් අය ඔහොම තමයි...