(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රාජපක්ෂලාගේ දේශපාලනය නිසා ලක්වැසියන්ට වන උවදුර වන සත්ව උවදුරට වඩා දරුණු බව දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම්  රාසමානිකම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

වන සතුන්ගෙන් සිදුවන වගා හානි පිළිබඳ පාර්ලිමේන්තුවේ කල් තැබීමේ අවස්ථා විවාදයට සහභාගී වෙමින් රාසමාණික්කම් මහතා මේ බව කීය.

වන සතුන්ගෙන් සිදුවන හානිය ගැන කතා කරන්නට කලින් රාජපක්ෂලාගෙන් ජනතාවට සිදුවන හානිය ගැන විවාදයක් අවශ්‍ය යැයිද රාසමාණික්කම් මහතා කීය.