(දයාරත්න ඇඹෝගම)
මහා සංඝරත්නයට අපහාස කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට විරුද්ධ විනය පරික්ෂණයක් සිදුකිරිමට අගමැතිවරයා මෙවන විටත් ක්‍රියා කරමින් සිටින බව වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍ය පි.හැරිසන් මහතා අද (17) අනුරාධපුරයේ දී පැවසීය.
යාං ඔය ව්‍යාපෘතීය නිසා ඉඩම් අහිමි වුවන් සඳහා වන්දි ප්රදානය කිරිමේ උත්සවය අද (17) අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී යාං ඔය ව්‍යාපෘතීය ඉඩම් අහිමිවූ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයන් 36 දෙනෙකු සඳහා රුපියල් මිලියන 42 ක් ඇමැතිවරයා විසින් බෙදා දෙනු ලැබීය.
එම උත්සවයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාට යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහා සංඝරත්නයටත්, බුද්ධාගමටත් අගෞවරයක් වන ආකාරයට සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන්ම හෙළා දකිනවා.
මේක බෞද්ධ රටක්. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ තමයි මහා සංඝරත්නය.ඒ නිසා රංජන් රාමනායක මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පාක්ෂිකයෙක් ලෙස මහා සංඝරත්නයෙන් සමාව ඉල්ලා සිටිනවා.
පසුගිය කාලයේ මහා සංඝරත්නයේ උපදෙස්, අවවාද අනුශාසනා නොතකා දළදා මාලිගය ඉදිරිපිට රේස් පැද්දා. ඒ තත්වයට පත් නොවන්නටයි ජනතාව මේ රජය පත්කලේ. මේ හේතුන් නිසා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විරුද්ධව අගමැතිවරයා විසින් විනය පරික්ෂණයක් ඉදිරියේ දි සිදු කරනු ඇතැයිද අමාත්‍ය පි.හැරිසන් මහතා මෙහිදි පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපරාදේ කාලේ නස්තිකරන්නේ... විනය පරීක්ෂණේ ප්‍රතිඵලේ මොකක්ද කියලා ඕක දාන්නත් කලින් හැමෝම දන්නවනේ...
විනය පරීක්ෂණ කරකර හිටපියව්.. රටට හෙන ගැහුවත් කමක් නැහැ. තව ටිකයි... ඡන්දෙ ඉල්ලගෙන එන්න එපා අායෙත් නම්...
මීට වඩා කල යුතු දේවල් අපමණයි. බොරු වැඩ කරන්න එපා.
ඔය දේශපාලන නාට්‍ය නෙමේ අන්න "මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනයට ආගමික නායකයන්ගේ එකඟතාව ලැබී නෑලු" කියල ප්‍රවුර්තියක් පලවෙනවා. මතක තියාගන්න ඔය රන්ජන්ලා, මංගලලා හැමෝම එක එක මාතෘකා සතියෙන් සතියට ගෙනැල්ලා අපට පේන්න රටේ නාට්‍ය පෙන්නලා අනිත් පැත්තෙන් උන්ට ඕන දේ කරගන්නවා.. ඕවට අහුවෙන්න එපා ඔබ බුද්ධිමත් නම්.., පිටුපසින් වෙන්නේ මොකද්ද කියලා දකින්න.
මීට වඩා හොඳයි නේද? කෙලින්ම.. අවුරුදු 18ට අඩු දරුවන්, බාලවයස්කාරයින් ආගම් වලට බඳවා ගැනීම... අද සිට තහනම් කෙරුවා නම්...
විනය පරීක්ෂණය නෙමේ... පක්ෂයෙන් නෙරපා දමන්න. නැත්නම් ඔබතුමාට ගෙදර යන්න වැඩකරන්නේත් ඔබේ පක්ෂයේම ඉන්න මේ වගේ අයගෙන්...
රන්ජන් කියපු කතාව ගොඩක් දුරට ඇත්ත. විනය පරීක්ෂණ අවශ්‍ය හාමුදුරුවන්ට. කිසිම විනයක් ඇති බවක් පේන්න නෑ.
එකම පවුලේ අයට මොන විනය පරීක්ෂණද? මාමා පිටපත ලිව්වා. බෑණා කියෙව්වා. දැන් රටම ඒක පස්සෙන්. ඒ අව්අස්සේ මොන මොන පනත් සම්මත කරගත්තද දන්නේ නෑ. අනේ කවදා නම් මේ කපටි නඩයෙන් අපේ මව්බිම ගැලවේද? පීදීගෙන ආපු පොල් ගහට හෙන ගැහුවා වගේ වැඩක්නේ වුණේ...
ඉහළ මම පෙන්නපු "මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනයට ආගමික නායකයන්ගේ එකඟතාව ලැබී නෑලු" කියන ප්‍රවෘත්තියට ඩිස්ලයික් බර ගානක් දමලා තියනවා කට්ටිය, මට ඩිස්ලයික් දැම්මට වැඩක් නැහැ ඔබල පත්තර බලන්න බොරුනම්... ඇත්ත හංගන්න බැහැ ඩිස්ලයික් දාලා. ඇත්ත තිත්තයි.
රන්ජන් ඇත්තටම ඔයාට හිතෙන්නේ නැත්ද? ඔයා ඉන්නේ ගංගා, කඳුවැටි, වනපෙත්, සමුදුරෙන් වටවුණු මනරම් රටක කියලා. ඒවගේ රටකට, ලෝකයට පේන්න මේ වගේ කුණු ගොඩගහන ජරාව ගෙනත් දාන මනුස්සයෙක්ද? අමනුස්සයෙක්ද?
එතකොට මහා දවාලේ මහා බැංකුව කඩන්න ප්ලෑන් කරපු අයට විනය පරීක්ෂණ නැත්ද?