(නිමල කොඩිතුවක්කු)
සෑම දෙනාගේම අපේක්ෂාව වන රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලැබේවි කියා තමන් අපේක්ෂා කරන බවත් ඒ දවස එනතුරු බලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මානව හිතවාදී දේශපාලනඥයෙකු මෙන්ම, ජනකාන්ත කලාකරුවෙකු ද ලෙස අඛණ්ඩ ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇති රංජන් රාමනායක මහතා නිදහස් පුරවැසියකු ලෙස සමාජයට පැමිණ, නැවතත් ශක්ති සම්පන්නව සමාජ සාධාරණත්වය උදෙසා කටයුතු කරනවා දැකීම තම ඒකායන පරමාර්ථය බවද විපක්ෂ නායකවරයා පැවසීය.
වැලිකඩ බන්ධනාගාරයේ සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව කීවේය.
රන්ජන් රාමනායක මහතා සමඟ එහිදී දීර්ඝ වේලාවක් අදහස් හුවමාරු කරගැනීමටද විපක්ෂ නායකවරයා කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්ද ඇහැරුණේ? උඩු බිරුවට, කෝච්චිය සෑහෙන දුර ගිහිල්ලා... ආරංචියේ විදිහට සියලු වැඩකටයුතු අවසන්... නීතිමය ගැටලු ටික නිසියාකාරව සිදුවූ පසු රංජන් නිදහස්...
පනින්න දන්නව නම් විතරයි නිදහස.
දැන් ඉතින් එල්ලෙන්න ඉන්නේ රංජන් විතරයි මෙයාට...
මෙයාට පංචායුද කුමාරයාට වගේ උපවාස කරන්න බැහැනේ රජ කුමාරයෙක් නිසා. ඒ නිසා අණකරන එක විතරයි කරන්න පුළුවන්...
මෙයාට තේරෙන්නේ නැද්ද? භාණ්ඩාගාරයෙන් රිපෝට් එක එවලා ඉවරයි. ජනාධිපති අත්සන් කරලා ඉවරයි. හෙට අනිද්දා එළියට එයි...
අනෙකුත් මිනීමරුවන්ට වංචාකාරයින්ට හොරුන්ටත් පුර්ණ නිදහස දෙන්න.
මේවට තමයි කියන්නේ ‘‘බොරදියේ මාළු බානවා කියලා...‘‘