IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රැජින පීලිපනී - ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනවට බාධා

(විමුක්ති එස් රුද්‍රිගු)

අනුරාධපුර සිට බෙලිඅත්ත බලා ධාවනය වන රජරට රැජින සීඝ්‍ර ගාමි දුම්රිය පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී පීලි පැනීමට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවත් මගීන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව ඇති බවත් වාර්තා වේ.

මේ වනවිට උදෑසන 6.20 ට මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වන සීඝ්‍රගාමි දුම්රිය ද අධික මගීන් ධාරිතාවක් සහිතව පැය 1 මිනිත්තු 30 ක ප්‍රමාදයකින් යුක්තව ධාවනය වෙමින් පවතින බවත්, දුම්රිය අතරමග නවත්වමින් ධාවන වෙමින් පවතින බවත් වාර්තා වේ.

 රජරට රැජින දුම්රියේ පීලි පැනීම සහ දුම්රිය ප්‍රමාදය පිළිබද 1971 ක්ෂණික ඇමතුම් අංකයට ලංකාදීපය දුරකතන ඇමතුමක් ලබා ගත් විට එහි නිලධාරීන් අපව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනා ගමන) සෙනෙවිරත්න මහතා වෙත යොමුකළ අතර,ඉන් පසු සෙනවිරත්න මහතා කාර්යාලයේ නොසිටි බැවින් එම කාර්යාලය නැවතත් 1971 ක්ෂණික දුරකථන ඇමතුම් අංකය වෙත අප යොමු කරන ලදි.

නැවතත් අප සාමාන්‍යාධිකාරී කාර්යාලය වෙත යොමු කෙරුණු අතර එහිදී කළ විමසීමකදී පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී දුම්රිය ප්‍රමාදයක් සිදුවිය හැකි වුවත් දුම්රිය ධාවනයට එයින්  විශාල බලපෑමක් එල්ල නොවන බව දුම්රිය සාමාන්‍යාධිකාරි කාර්යාලයේ නම සඳහන් කිරීමට අකමැති නිලධාරියෙක් පැවසීය.



අදහස් (2)

රැජින පීලිපනී - ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනවට බාධා

Nihal Friday, 02 September 2022 12:46 PM

මන්ත්‍රීලට පුලුවන්නම් කොච්චියට පනින්න බැරි ඇයි?

:       0       2

සමිත සේනක අලුත්ගමගේ. Friday, 02 September 2022 12:53 PM

අපූරු විහිළු කතා තමයි මේ දුම්රිය බලධාරීන් කියන්නේ ... දුම්රිය ගමනාගමනය ට බාධාවක් වුණේ නැතිලූ.ඒක දන්නේ දුම්රිය මගීන් තමයි.ඊයේ සාගරිකා දුම්රිය සැම තැනම නවත්වමින්, කට කපලා මගීන්ද පුරවාගෙන ගාල්ලට ආවත්, එහිදී පීල්ලක් කැඩී ගොස් තිබීම නිසා,දුම්රිය ගමන් කිරීමට නොහැකි වුණා.අනතුරුව තවත් රස්තියාදු වී සිටි මගීන්ට ගාල්ලේ සිට වෙනත් මන්දගාමී දුම්රියක් ධාවනය වුණා.ඒත්,ඒ දුම්රියේත්, කට කපලා සෙනග.ඒ මදිවට දුම්රියේ ලයිට් නැහැ.ස්ත්‍රී පුරුෂයන් කිටි කිටියේ එකට තද වෙලා.ඝන අඳුර ... අනේ මන්දා,මේ දුම්රිය සේවය මේ අයට කිසිසේත් පාලනය හෝ නිසිලෙස නඩත්තු කරන්න බැහැ. මේ දුම්රිය සේවය මේ රටේ පෞද්ගලික සමාගමක් සඳහා විකිණිය යුතු කාලය එළඹ ඇති බව පෙනේ.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 401 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 231 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site