(ජයන්ත සමරකෝන්)
රිමාන්ඩ් බාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ජනවාරි 21 වැනි දින පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට අද(16) දැනුම් දී ඇතැයි එම මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කරයි.
මන්ත්‍රීවරයකු සතු වරප්‍රසාද යටතේ පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මෙම දැනුම්දීම කර ඇතැයිද පැවසේ.
ඒ අනුව, ජනවාරි 21වනදා සැකකාර මන්ත්‍රීවරයා රැගෙන යාම සඳහා අවශ්‍ය ආරක්ෂණ කටයුතු සලසන ලෙසට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් මැගසින් බන්ධනාගාර අධිකාරීවරයාට උපදෙස් දී ඇතැයිද දැනගන්නට ලැබී තිබේ.
සැකකාර මන්ත්‍රීවරයා මේ මාසයේ 29 වැනි දින දක්වා බන්ධනගාර ගතකර සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියවන්නා ඔය නරාවලෙන් නීතියක් සම්මත කරගන්න පුළුවන් නම් කිසියම් හෝ "පාදඩ දේශපාලුවෙක්" කිනම් කරුණක් නිසාවෙන් සිරගත වුනොත් අදාළ නීතිමය කටයුතු වලින් ලබන තීරණයෙන් පසු නිවැරදිකරු වුවහොත් පමණක් "දියවන්නා පට්ටියට" ඇතුළුවීමට ඉඩ ලබාදීම. එමගින් රටේ අනාගත පරපුරට වැදගත් පණිවිඩයක් දියහැකි බව මගේ හැඟීමයි. කෙසේවෙතත් දියවන්නා ඔයේ පට්ටි කීපයක්ම තිබෙන නිසා ඒ ඒ පට්ටි ගොන්නුන් මෙම අදහස්වලට අකමැති වෙනු ඇත. කෙසේවෙතත් අපගේ මෙම අදහස් පට්ටි ගොන්නුන් 225ටම කියවීමට හැකිවේවා...!!
මධුශ්ට වත් නැති විදියට නෙ රන්ජන්ට සලකන්නෙ. රංජන් වැරදි තමා එත් ඔය බැනලා ප්‍රතිචාර දාන අයගේ දුරකතන බැලුවොත් කසාද කියක් ලංකාවෙ කැඩෙද. ?
මම හිතන්නේ මුලින්ම කරන්න ඕනෑ මේ සියලු හඬපට රන්ජන් ගේම්ද කියලා පරීක්ෂා කරන්න ඕනෑ. අනික එයාගේ පුද්ගලික ජීවිතයේ දේවල් මෙතෙන්ට අදාළ වෙන්නේ නැහැ. ඒවා විකුණන් කන පුද්ගලික මාධ්‍ය වලට නඩුදමන්න ඕනෑ අසභ්‍ය දේවල් ප්‍රචාරය කරනවට... මීට වැඩිය දේවල් මේ රටේ ප්‍රසිද්ධ මිනිස්සු කරනවා නමුත් ප්‍රසිද්ධ වෙන්නේ නැහැ.
"සිරකරුවෝද මනුෂ්‍යයෝය"