IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


රාජිතට-රූමි මොහොමඩ්ට එරෙහි නඩුව: සාක්කිකරුවන්ට ඇති තර්ජන ගැන පරීක්ෂණයක් පවත්වන්න

(මනෝප්‍රිය ගුණසේකර)

ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට බලපෑමක් විය හැකි ආකාරයට ජනාධිපතිවරණයට පෙර මාධ්ය හමුවක් පවත්වා සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමුවේ යැයි පැවසු බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට, රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති රූමී මොහොමඩ් මහතාට එරෙහි නඩුවේ සාක්කිකරුවන් දෙදෙනාට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඊයේ (08) පොලිස්පතිවරයාට නියම කළේය.

රාජිත සේනාරත්න මහතා ඇතු`ථ විත්තිකරුවන්ට එරෙහි නඩුවේ සාක්කිකරුවන් වශයෙන් ඉදිරිපත් වු” නඩුවට පාදක වු මාධ්ය සාකච්ඡාවේදී බොරු රැවුල් වලින් වෙස් ගන්වා ඉදිරිපත් කළ සරත් කුමාර සහ අතුල සංජීව මදනායක නමැත්තන්ගේ ආරක්ෂාව නඩුවේ සාක්කි විභාගය අවසන් වනතුරු තහවුරු කිරීම සඳහා අවශ්ය පියවර ගන්නා ලෙස වැඩිදුරටත් නියම කළ විනිසුරුවරයා මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ලිඛිතව දැනුවත් කරන ලෙසද අධිකරණ ලේඛාධිකාරීවරයාට නියම කළේය.

මෙම නඩුව විභග කිරීම ස`ඳහා කැඳවනු ලැබු අවස්ථාවේදී සාක්කිකාර සරත් කුමාර නමැත්තාගේ නීතීඥවරයා ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස නියම කළේය.

2019 ඔක්තෝම්බර් 10 වැනිදාත් 2019 නොවැම්බර් 11 වැනිදාත් අතර කාලයේ තිඹිරිගස්යාය ප්රදේශයේ පැවැති මාධ්ය සාකච්ඡාවකදී සුදුවෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමු බවට අසත්ය කරුණු පැවසීමට බොරු රැවුලකින් සැරසී සිටි ඇන්තනි ඩග්ලස් ප්රනාන්දු නමින් පෙනී සිටි සරත් කුමාර නමැත්තාට ආධාර අනුබලදීම, මෙන්ම එම මාධ්ය සාකච්ඡාවේදීම කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන් සතුව තිබී හමුදා බාරයට ගත් රත්තරං තොගයක් ගේඨාභය රාජපක්ෂ මහතා සතු කරගත් බවට අසත්ය කරුණු පැවසීමට බොරු රැවුලකින් සැරසී සිටි උණ්ඩියල් අතුල නමින් පෙනී සිටි අතුල සංජීව මදනායක නමැත්තාට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඟා ඇත.

මාධ්ය සාකච්ඡාවේදී එම අසත්‍ය කරුණු පැවසීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව බොරු සාක්කි සැදීම, මාධ්ය සාකච්ඡාවක් කැඳවා එම කරුණු ප්රසිද්ධ කරවීම, ගේඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික චරිතයට හානි සිදුවන ආකාරයේ ප්රකාශ කරවීමට කටයුතු යෙදීම ඇතුළු චෝදනා විත්තිකරුවන්ට එරෙහිව නඟා ඇත.

විත්තිකරුවන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ සහ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත යටතේ දඩුවම් ලැබිය යුතු වැරදි සිදුකොට ඇතැයි නීතීපතිවරයා විසින් වැඩිදුරටත් සඳහන් කොට ඇත. 

මෙලෙස චෝදනා ලැබ සිටින්නේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති රූමී මොහොමඩ් මහතාය.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා සරත් කුමාර සහ අතුල සංජීව මදනායක නමැත්තන් දණ්ඩ නීතී සංග්රහයේ 127 වැනි වගන්තිය යටතේ මහෙස්ත්රාත්වරයා හමුවේ කළ ප්රකාශ ඇතු`ථ නඩු භාන්ඩ 05ක් ඉදිරිපත් කරන බව නීතීපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී ඇත.
එමෙන්ම විත්තිකරුවන්ට එරෙහි නඩුව සඳහා මාධ්ය සාකච්ඡාව සඳහා බොරු රැවුල් වලින් වෙස් ගන්වා ඉදිරිපත් කළ සරත් කුමාර සහ අතුල සංජීව මදනායක නමැත්තන් ඇතු`ථ සාක්කිකරුවන් 22ක්ද අධිකරණයට ඉදිරිපත් කරන බව නීතීපතිවරයා විසින් අධිකරණයට දැනුම් දී ඇත.
බොරු රැවුල් වලින් සැරසී ගත් පුද්ගලයින් දෙදෙනෙකු යොදවා මාධ්ය හමුවක් පවත්වා අසත්ය ප්රකාශ සිදුකිරීමට සැලැස්වු බවට පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියහ.
නඩුවේ ප්රධාන සාක්කිකරුවන් වශයෙන් නම් කොට සිටින බොරු රැවුල් වලින් වෙස් ගන්වා මාධ්ය සාකච්ඡාව සඳහා ඉදිරිපත් කළ සරත් කුමාර නමැත්තා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර අතුල සංජීව මදනායක නමැති සාක්කිකරු පමණක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
සරත් කුමාර නමැති සාක්කිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයාට එල්ල වී ඇති තර්ජනය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ඔහු ගම්පහ ප්රදේශයට ගොස් ඇතැයි දැනුම් දුනනේය”
එහෙයින් ඔහු අද දින මෙම අධිකරණයට නොපැමිණි බව දැනුම් දුන් නීතීඥවරයා තම සේවාදායකයා සමඟ මෙම නඩුවේ සාක්කිකරුවකු වශයෙන් නම් කොට සිටින අතුල සංජීව මදනායක නමැත්තාටද මීට පෙර අවස්ථාවක කිසියම් පිරිසක් පහරදී ඇතැයිද ඔහු ඒ සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇතැයිද දැනුම් දුන්නේය.
ඒ අවස්ථාවේදී අධිකරණ ඇමතූ විනිසුරුවරයා මෙම නඩුවේ සාක්ෂිකරුවන් දෙදෙනාට එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් ඔවුන් මීට පෙරද අධිකරණයට දැනුම් දී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර ඇද්දැයි විමසා සිටියේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා ඊට පිළිතුරු දෙමින් ඒ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් සිදු කරන්නේ යැයි දැනුම් දුන්නේය.

ඉදිරිපත්වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නඩුවේ සාක්කි විමසා අවසන් වනතුරු සාක්ෂිකරුවන් දෙදෙනා අධිකරණයට පැමිණෙන හා පිටව යන අවස්ථාවලදී ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසද ඔවුන්ගේ නිවාස වලට අවශ්ය ආරක්ෂාව ලබා දීමට පියවර ගන්නා ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට නියම කළ විනිසුරුවරයා සාක්ෂිකරුවන් දෙදෙනාට එල්ල වී ඇතැයි කියන තර්ජන පිළිබඳව විමර්ශනයක් කිරීමට පොලිස්පතිවරයාට නියම කළේය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන වසරේ ජනවාරි මස 17 වැනනිදා යළි කැඳවීමටද නියම කළේය.



අදහස් (0)

රාජිතට-රූමි මොහොමඩ්ට එරෙහි නඩුව: සාක්කිකරුවන්ට ඇති තර්ජන ගැන පරීක්ෂණයක් පවත්වන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 115 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 267 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 617 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site