(දසුන් රාජපක්ෂ)
රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනා යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ජාතික නිදහස් පෙරමුණ අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කළේය.
රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ එම අමාත්‍යංශයට අයත් රුපියල් ලක්ෂ තිස්දහසක් අයථා ලෙස පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධව මෙම පැමිණිල්ල ගොනු කළ බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කළේය.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත මුලින්ම මෙම පැමිණිල්ල ගොනු කිරීමට ගියද මේ වන විට පැමිණිලි භාර ගැනීම නතර කර ඇති බව එහි නිලධාරීන් සඳහන් කළ බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉන් අනතුරුව ගොස් පැමිණිලි කළ බව මුසම්මිල් මහතා පැවසීය.
මෙම චෝදනාවලට අදාළ නිවැරදි සාක්ෂි තමන් සතුව පවතින බව පැවසූ මුසම්මිල් මහතා ඉදිරියේදී ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන බව වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු කියනවාට විරුද්ධව කාටද පැමිණිල කරන්න පුළුවන්. එහෙම අවස්ථාවක් තියෙනවා නම් කිඹුලට සහ සුදුවෑන් රියදුරු ගැන පැමිණිල්ලක් කරන්නත් පුළුවන්
පැමිණිල්ල දාපු මිනිහ දැක්කම හිනා යනවා .නඩු කන්ද්දක් තියෙනවා
දැන් පැමිණිල්ල ඉදිරිපත් කළා. ඊට පස්සේ සීතල කාමරයතුල කටඋත්තර ගන්නවා. පසුව නඩු පවරනවා. අවසානයේ නිදොස්කොට නිදහස්.
වැඩක් නැහැ මුසම්මිල් මහත්තයෝ, රාජිතට විරුද්දව මේ වන විට පැමිණිලි නම් කොපමණ කරලා තිබෙනවද ? රජිතගෙන් එක කට උත්තරයක් ගත්තද? ඔක්කොම පැත්තක තියල බලන්න , රජය ලෝකය තුළ අපහසුතාවයට පත් කරන්න ස්විස්ස් කාන්තාව ගැන කියූ බොරුව. මොවුන් මන්ත්‍රීවරු වන විට රටට හානියක් නොකරන බවට ප්‍රතිඥා දෙනවා. එය උල්ලංගනය කිරීම යටතේ වහාම අත් අඩංගුවට ගත හැකියි . නමුත් කෝ? අප අසරණ වෙලා වගේ දැනෙනවා .
අනේ යකෝ නෙවිල් එකේ වීරවංශ ගේ බිරිද නැවතිලා ඉන්නකොට රාජිතගේ බිරිද තමා බේරාගත්තේ සුජාත අක්ක මතකද
ආණ්ඩුව කන්නේ ඡන්ද පදනමක් නැති මේ වගේ දෙකයි පනහේ චරිත තමයි. මිනිස්සු ඡන්දේ දුන්නේ වැඩ කරන්න. මොකද මිනිස්සු දන්නවා හොරු අල්ලන කතා මිනීමරුවන් අල්ලන කතා බොරු කියලා. ඔක්කොම හොඳයාලුවෝ. 2010 ආපු ආණ්ඩුව, 2015 ආපු ආණ්ඩුව ගෙදර ගියෙත් මෙවැනි විකාර කරලා. ජනාධිපතිතුමා ජනතාවගේ හිත දිනාගෙන අලුත් ගමනක් යමින් තියෙනවා. හොඳම දේ ජනාධිපතිතුමනි මෙවැනි විහිලුකාරයින් අතේ දුරින් තියාගැනීම තමයි.
මේ මිනිස්සුන්ට වැඩක් නැහැ. රාජිතට පරීක්ෂණ කීයක්ද? (ජනාධිපති කොමිසම, අල්ලස් දූෂණ කොමිසම FCID තියෙනවද? තවත් පරීක්ෂණ කුමකටද? වරදක් කර තිබේ නම් දඬුවම් දෙන්න ඒ පරීක්ෂණ හොඳටම ඇති. මේ වගේ අය තමයි ඕනෑම ආණ්ඩුවක් විනාශ කරන්නේ...
මෙයා කියලා තිබෙනවා කැබිනට් මණ්ඩලේ නොමග ඇරලා කියලා... කැබිනට් මණ්ඩලයේ ඉන්නේ බබ්බුද?
ඔය කියන පෙරමුණේ නායකයා කියන කෙනා කරපු හරියත් රටම දන්නවා. ඔක්කොම සුද්දවන්තයින් කියලා හිතාගෙන ඉන්නේ.. එකාට එකා හොරුනේ...