(රංජන් කස්තුරි)
තමන්ට ලබාදුන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවේ උපසභාපතිධුරය අවභාවිත කරමින් රාජිත සේනාරත්න ඇමතිවරයා ඔහුගේ ප්‍රතිරූපය ගොඩනගාගැනීමේ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෝක සෞඛ්‍ය සංවිධානයට අද(21) පැමිණිලි කර තිබේ.
රාජිත සේනාරත්න ඇමතිවරයාට මේ වනවිට බරපතල දූෂණ හා අක්‍රමිකතා ගණනාවක් පිළිබඳව තොරතුරු මතුව ඇතැයිද ඒ සම්බන්ධයෙන් මේ වනවිට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ සියලු කරුණු හෙළිදරව්වෙමින් තිබෙන බවද පැමිණිල්ලේ සඳහන් වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර නැති බාල ඖෂධ රෝගීන්ට ලබාදීම, නෙවිල් ප්‍රනාන්දු රෝහලට රජයේ මුදල් බිලියන 50කට ආසන්න මුදලක් යොමුකිරීම ආදී චෝදනා ඒ අතර වන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ පැමිණිල්ලේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුණාට ඔබ කියන ඔය වංචා, දූෂණ හා අක්‍රමිකතා ගණනාවක් තිබුණු නිසා තමයි ඔහුට ඔය තනතුරු ලැබුනේ. නැත්නං කොහොමද රවී කරුණානායක ආසියාවේ හොඳම මුදල් ඇමති වෙන්නේ... බලන්න දැන් රවීට ලැබුණු උසස්වීම්, මහ බැංකු වංචා පිළිබඳව ජනාධිපති කොමිසන් සභාවේ බොරු සාක්ෂි දීලත්, ඔහු දැන් 21/4 බෝම්බ ප්‍රහාරය පිළිබඳව විමර්ශන කරන කාරක සභාවේ සාමාජිකයක්. මේ ගොල්ලෝ තමයි රට හදන්න අපි යවන්නේ...
පැමිණිලි, නඩු, අභියාචනා, පෙත්සම්, දෝෂාභියෝග, කොම්සම්, තේරීම් කමිටු... මේවා වලින් නම් ලංකාව ස්වයංපෝෂිතයි.
ජාත්‍යන්තර සංවිධාන ළඟකදි, සහරාන්ගෙ නම සාමය ගැන නොබෙල් ත්‍යාගයටත් , සාෆිගෙ නම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිකමටත් යෝජනා කළොත් පුදුම වෙන්න දෙයක් නෑ.