(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස ඉල්ලා රජයට බල කරන ඉල්ලීම වෙනුවෙන් ඒ සඳහා මහජනතාවගෙන් අත්සන් ගැනීමේ ව්‍යාපාරයක් අද (3) කරාපිටිය ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ දී සිදුකෙරිණි.
මෙම කටයුත්ත රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව විසින් සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාවට රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ කරාපිටිය ශාඛාවේ සම ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා ඇතුළු එම සංගමයේ සාමාජික වෛද්‍යවරු එක්ව සිටියහ.
දිවයින පුරාම ස්ථාන රැසක මෙම අත්සන් ගැනීම සිදු කෙරිණි.

(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)



පොළොන්නරුව මහ රෝහල ඉදිරිපිට ඡායාරූප - ඩබ්ලිව් පියතිලක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජනයට වඩා හොඳ සේවයක් ලබාදීමට කැපවීම වෙනුවට මේ දොස්තරලා කාගේ හෝ වුවමනාවකට කඩේ යන බව අපට පැහැදිලියි. මේය අත්සන් කල කියල රාජිත ඇමතිගේ ප්‍රජ අයිතිය අහෝසි වෙයිද. හික් හික් .....
දොස්තරලාට ගියපු රට! රාජිතගේ වැරදි ඇති. හැබැයි මෙයාලා වැඩ කරන්නේ ඇත්තටම රටේ සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ තියන අඩුපාඩු නැතිකරන්නද? නැත්නම් දේශපාලන න්‍යාය පත්‍රයක්ද?
බාල බෙහෙත් වැඩි මිලට (තත්වයෙන් උසස් බෙහෙත් වලට වඩා අඩුමිලට ) විකුනන්න බෙහෙත් මුදලාලිලට අවස්ථාව ලබාදුන් අපේ ඇමති තුමාගේ මොකද ප්‍රජා අයිතිය නැති කරන්නේ?
මම වෛද්‍ය සංගමයට විරුද්ධ මිනිහෙක්. හැබැයි, මේ වැඩේදී නම් සම්පුර්ණ සහයෝගය දෙනවා.
යකෝ මේ ඊ ළඟ සිහින ජනාධිපති අපේක්ෂකට මොකද වෙන්නේ..?
ඒකනම් හොද වැඩක් ...
පිනට ඉගෙන ගෙන වෛදය වෘත්තියට ගැලපෙන්නේ නැති මිනිස්සු එලවා දමමු.
දෙවිවරු වගේ කියන යට වෙච්චදේ
මේ අය පුදුම හීන මානයකින් ඉන්නේ... මෙතැනටත් වෙද නලාව කරේ දාගෙන ඇවිත්...
මේවගේ හින මාන කාරයින් ගෙන් බෙහෙත් ගන්න එපා. ලෙඩුන්ට බෙහෙත් කිරීම පඩිපත බලාගන හෝ මුදලට කරන උන් විශ්වාස කරන්න එපා.
ඇත්තටම ඔය මනුස්සය ගෙදර යවන්නම ඕන කෙනෙක්...
රාජිත උන්නැහේ හොඳ මනුස්සයෙක් නෙවෙයි. හැබැයි වෛද්‍යවරුන්ගේ සංගමය තනිකරම තම ආත්මාර්ථය සඳහාම පමණක් ක්‍රියා කරන සංගමයක්...
කාට හරි කෙළවන්න අත්සන් නෙවේ.. ඕනෑම දෙයක් කරන්න දූපත්වාසි අපි හරි දක්ෂයි...
යමෙකුගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න කියා මුළු රටම ඉල්ලා සිටියත් රාජද්‍රෝහි, දේශද්‍රෝහි ක්‍රියාවක් කර ඇති බව අධිකරණය මගින් සනාථ කර දඬුවම ලෙස ප්‍රජා අයිතිය අහෝසිකළ යුතු යැයි නියෝග කරන තුරු එය කළ නොහැකිය. මීට පෙර ප්‍රජා අයිතිය අහෝසි කර ඇත්තේ එසේය. අධිකරණය විසින් යමෙකුගේ ප්‍රජා අයිතිය අහෝසිකරන්න කියාදෙන නියෝගය ජනාධිපතිට කැමති නම් වළකාලිය හැකිය...
මුකුත් නොකර ඉන්නවට වඩා මේක හොඳයි.
ආත්මාර්ථකාමී වෛද්‍ය සංගමයේ යෝජනාවලට අත්සන්කරන්න තරම් මේ මිනිස්සු මෝඩද?