
(රෝෂන් තුෂාර)
අධිකරණය මගහැර සැගව සිටින වරෙන්තු කරුවෙකුගේ දේපළ තහනම් කිරීම ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන අනුව නීත්‍යානුකූලව සිදු කළ යුතු බවට පෙන්වා දුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න සැකකරුගේ දේපළ තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයිි අල්ලස් කොමිසම කළ ඉල්ලීම අද (25)ප්‍රතික්ෂේප කළේය.
අධිකරණයට ගෙන්වාගත නොහැකිව සැඟව සිටින වරෙන්තු කරුවෙකුට අධිකරණයට එන්නැයි බලකරමින් ප්‍රකාශන නියෝගයක් නිකුත් කර දින තිහක කාලයකට පසුව ඔහුගේ දේපළ තහනම් කිරීම අධිකරණ නඩු විධාන සංග්‍රහයේ සඳහන් ව්‍යවස්ථා ප්‍රතිපාදනය බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා දින 30ක් පසුවීමෙන් පසුව දේපළ තහනම් කිරීමේ නියෝගයක් ලබා ගැනීමට ඊයේ දින නිකුත් කරන නියෝගය කිසිදු බලපෑමක් නොවන බවද සඳහන් කළේය.
සැකකාර සේනාරත්න මහතාගේ කොළඹ කඩුවෙල පිහිටි රුපියල් කෝටි තුනක් වටිනා දේපළක් තහනම් කරන්නැයි ඉල්ලා අල්ලස් කොමිසම ගොනු කළ මෝෂම සම්බන්ධයෙන් සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා එසේ පැවසීය.
අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ නීතිඥ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය මෝෂමට කරුණු දක්වමින් මෙසේ පැවසුවාය.
කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුට ලබන 29 දින අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් පසුගිය 20 වෙනි දින ප්‍රකාශනයක් නිකුත් කළා.
අධිකරණ නඩු විධාන සංග්‍රහයේ 60 (1)වගන්තියේ ප්‍රකාරව සැකකරුගේ දේපළ තහනමට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවාෙ
අදාල දේපළ තහනමට ගන්නැයි දන්වා කඩුවෙල ප්‍රාදේශීය ලේකම්වරයාට හා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ රෙජිස්ටාර්වරයාට නියෝග කරන ලෙසද නීතිඥවරිය ඉල්ලා සිටියාය.ෙ
2012 මැයි මස 10 දින SCO.WOOD CO.LMT නැමැති කොරියානු සමාගම විසින් කිරින්ඳ ධීවර වරායේ වැලි කැණීම්කර , එම වැලි දේශීය වෙළඳපොළට නිකුත් කළ හැකි පරිදි ව්‍යාපෘතියක් පවත්වාගෙන ගෙන යාමට අනීතිකව අවසර ලබා දෙමින් රජයට රුපියල් ලක්ෂ 262ක් පාඩු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මෙම පැමිණිල්ල ගොනුකර ඇත.
ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුට නිකුත් කළ ප්‍රකාශන නියෝගය අනුව ඔහු ලබන 29 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවත්,අධිකරණ නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව අධිකරණයට ගෙන්වා ගත නොහැකි සැකකරුවකු ගේ දේපළ තහනම් කිරීම ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන අනුව දින තිහක කාලයක් තුළ ඔවුන් නොපැමිණියහොත් සිදු කළ යුතු බවට සඳහන් වන හෙයින් අදාල ඉල්ලීම මේ මොහොතේ ප්‍රතික්ෂේප කරන බවට නියෝග කළේය.
ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනය අනුව නියමිත දින වකවානුවලදී අදාළ නියෝගය ලබා ගැනීමට ඊයේ නිකුත් කරන නියෝගය බාධාවක් නොවන බවද ප්‍රකාශ කළේය.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
රාජිතගේ දේපොළ තහනමට ඉල්ලු නියෝගය විසි වෙයි
කපුරුහාමි Tuesday, 26 August 2025 07:46 PM
හැන්ගිලා ඉන්න තැනකින් එළියට ආවා නම් ඔය මොන ප්‍රස්නයක් වත් නැහැනේ...?
රනේ Tuesday, 26 August 2025 08:27 PM
හොයාගන්න ඉතින් පීනන්නම වෙනවා.
පොඩිඑකා Tuesday, 26 August 2025 08:57 PM
හැංගිලා ඉන්නේ වරද පිලිගන්නා නිසා. ඒ නිසා නඩු නොවිමසාම වරදකරු කර දඩුවම් පැමිණ විය යුතුයි කියලයි මගේ පොඩි මොලේට දැනෙන්නේ...
ගමේ එකාලාTuesday, 26 August 2025 10:33 PM
හැංගිලා ඉන්නේ පුතණ්ඩියා ආණ්ඩුව පෙරළනවා කියපු හින්දා?
Perera Wednesday, 27 August 2025 01:10 AM
29 වෙනිදා, මෙයා අධිකරණයට ආවේ නැත්නම් බඩු-බනිස් වගේ.